12. තුන් වන ලෝක යුද්ධේ ....

122 25 3
                                    

"මේ එක්ස්කියුස් මී....... ජුන් කපල් එක ඔයාලගේ වැඩේ ඉවර නම් අපිව චුට්ටක් දැනුවත් කරනවද, බිල්ලො වගේ ඉන්න බෑනේ එළිවෙනකන් අපිට නේද..."

"හරුයා මොකෝ මේ, හරි හරි එනව ඕකෙන් එළියට..."

"හම්මෝ, අපි වගේ චූටි ළමයි ඉන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න, අසරණ වෙනවා මෙහෙම ඒවා දකිනකොට."

ජෙනියා රතු වුනා, ඔප්පා අහසේ තරු ගනිනවා.

"හ්‍යුන් අපි යමුද එහෙනම්...." හාවා ඒ වෙලාවෙ ගැළපෙනම දෙබස දැම්මා...

"දේ ... එහෙනම් හරු, අපි යන්නම්, ඔයා යන්න ඇතුළට..."

"හරි ඔප්පා ඔයාලත් පරිස්සමින් යන්න, කුමාඕ ... බායි ජෙනියා උම්ම්ම්මාමාමා.... හා පැටියෝ බායි..."

ඔප්පට හග් එකක් දීලා, ජෙනියට කිස් එකක් දීලා, කිකියට බායි කියලා මං උඩ පැන පැන ගෙවල් පැත්තට යන්න පටන් ගත්තා, ඒත් ටිකකින් එක පාරටම කවුහරි මාව ආපස්සට වේගෙන් ඇදලා අරන් හරවාගත්තේ මට හිතන්නවට්ජ් ව්ව්ලාවක් නොතියා,

මාව එකසිය ගානට රත් වුනා, කව්ද යකෝ මේ කියාගෙන බලද්දි, හා වා...

"මොකෝ හාවෝ පිස්සු කරන්නේ, තව ඩින්ගෙන් ඇටෑක් එකක් ඇවිත් අයාලේ මැරිලා යනවා "

"කවදාවත් ඔයාට එහෙම දෙයක් වෙන්නෙ නෑ නූනා... මං වෙන්න දෙන්නෙත් නෑ."

"හරි හරි පණ්ඩිත හාවෝ, මොකො මේ ආපහු.."

"දෙයක් අමතක වුනා ඒක දෙන්න ආවේ.."

"ඒ මොනද ඒ..."

"නූනා පරිස්සමෙන් යන්න," එහෙම කියලා හාවා මාව හග් කලා. මොහොතකට මාව ගල් ගැහුනා, එයා කොච්චර නම් උණුසුම් ද, මට ලෝබ හිතුනා.

"මෙන්න මේ හග් එක, ඒක දෙන්න අමතක වුනා."

"හරි හාවෝ, මං පරිස්සමෙන් යන්නම්, මේ පේන දුර හාවො ගේ තියෙන්නෙ, මං යන්නම් පරිස්සමෙන් ඔයත් පරිස්සමෙන් යන්න හාවො, ඉක්මනට දුවන්න ඔයාගේ හ්‍යුන් ගාවට."

"දේ නූනා...." එහෙම කියලා කොල්ලා දුවගෙන වගේ ගියා.

මාත් එයා යන දිහා බලන් ඉදලා පොඩි කල්පනාවකුත් දාගෙන ගෙට ගියා.

My love... no limit, no boundaries [COMPLETED]Where stories live. Discover now