මාව දැකපු ගමන් කුකියා කලබල වුනා...
ටික ටික එයාට ලං වෙද්දි තමා මං දැක්කේ කුකී හිටියේ තව ගෑණු ළමයෙක් එක්ක කියලා.
කුකී ඉක්මනට මගේ ලගට ආවා,
"නූනා, ඇයි... ඔයා මාව හෙව්වද"
"ඔව්, මං නෙමෙ නම්ජුන් ඔප්පා හෙව්වා," එහෙම කියලා මං බැලුවේ අර කෙල්ල දිහා
"කවුද හාවෝ ඒ, "
"මාමාගේ දුව, මගේ වයෙසෙමයි..."
"හ්ම්.. මන් ඒත් බැලුවා කව්ද කියලා."
"කුකී බේබි මං එහෙනම් ඇතුලට යනවා, අපි පස්සේ කතා කරමුකො හොදේ සී යූ.."
කෙල්ල හෙන ඇඩ් එකකුත් දාගෙන එහෙම කියාගෙන ගියා
"බේ බී... අම්මෝ ඒකේ ඝණකම..."
"අහන්න නූනා, ඔයා හිතන විදිහේ දෙයක් නෑ. අපි පොඩි කාලේ ඉදලම එකටමයි හැදුනේ, එයා මට සහොදරියක් වගේ. එච්චරයි .."
"ඉතිං දැන් මන් මොනා හරි කිව්වද..."
"නෑ ,, ඒත් ...."
කුකි එහෙම කියද්දි මං මගේ ඇගිල්ලක් කුකීගේ තොල් හරහා තියලා එයාව නැවැත්තුවා.
"ඔයා හිතනවා නම් මං ඔයාව වැරදියට තේරුම් ගත්තා කියලා, අන්න එතනයි ඔයාට වැරදුනේ, ඔයාගේ ජිවිතේ ඔයාට ඕනි විදිහට ගෙවන්න, දුක් විදින්න එපා."
"ඒත් නූනා මගේ හිත කිව්වේ ඔයාගෙ හිත රිදෙන්න ඇති කියලා, මං දන්නේ නෑ ඒ ඇයි කියන්න. ඒත් ලොකු වරදකාරී හැගීමක් දැනුනා."
මං මගේ අත් දෙකෙන්ම කුකිගේ මූණ අල්ලාගත්තා
"මේ අහන්න හා පැට්ටෝ , පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න, හිත පරිස්සන් කර ගන්න, නැත්තන් විදවන්න වෙයි, තේරුනාද"
"දේ නූනා, කුමාඕ , සරන්හේ ..."
"අයිගෝ නාදු, මගේ චූටි හාවා."
"එහෙනම් අපි යමුද නූනා, හ්‍යෝන් බලාගෙන ඇති නේද.."
"ආහ් දේ කජා..., කුකී ඔයා යන්නකො මං එන්නම්"
එහෙම කියලා මං ගියේ අර කෙල්ලව හොයාගෙන, මං දන්නවා ඒකි පොඩි උනාට මේ වෙනකොට නටලා තියෙන නාඩගම්, කොල්ලො දැලේ දාගෙන වටේ ගන්නවා, කුකීගෙ නෑයෝ කියලා ලගින්වත් තියන්න බෑ.
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfic'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී