උදේ ඇහැරුනේ ජෙනියගේ ඝංඨාරේ වගේ කටේ සද්දෙට තෝන්තු මාන්තු වෙලා වගේ, මේ ගෑනී අද කුකුළත් අතේ තියාගෙනම ඇවිත්, ඒ ඇවිත් එකපාරටම කෑගහගෙන මගේ ඇඟට පැන්නා.
"බුදු අම්මෝ මෙන්න වහලේ කඩාගෙන වැටුනෝ, බේරාගනියෝ .."
මං එහෙම කෑ ගහගෙනම ඇදෙන් පැන්නා, ටිකකින් පියවි සිහියට එද්දි ජෙනියා ඉන්නවා කට කනේ තියාගෙන කුප්ප හිනාවක් දාගෙන.
"ආ හරුයා මොකො වෙන්නෙ, කොහොමද ඉතිං ජීවිතේ, කාලෙකින් නේද, "
මං පොඩ්ඩක් වික්ෂිප්ත වුනා, මගේ දෙබස් මටම කියන නිසා, ඒත් මේ හීනයක්වත්ද මා දකින්නේ, නැත්තන් කාල තරණය කලා වත් ද, නෑ නෑ වෙන්න බෑ,
එහෙනම්, මේකිට අමු කැවිලද, ඊයෙත් යුනි එකේදි හම්බ වුනා, ගෙදර ආවෙත් එකටමයි, මේ මොනාද දැන් මේ මේකි අහන්නේ.
"උඹ හොඳ සිහියෙන්ද ජෙනියෝ, නැතිනම් මේ සිහිනයක්ද,, ."
"ආනී.... මං උබේ ඉස්සරහ තමා ඉන්නේ, මේ ඒක නෙමේ, ඊයේ රෑ උඹ මොකද කලේ."
"මොකක්, ඇයි උඹ එහෙම අහන්නේ"
"නෑ, ඊයේ මම දැක්කා උඹ කුකියා එක්ක එහේ ඉදලා එළියට යනවා."
"හරි , මං කුකියව හම්බවෙන්න ගියා තමයි, උඹ කොහොමද ඒක දැක්කේ, "
"මාත් නම්ජුන් ඔප්පා එක්ක එළියට යන්න ලෑස්ති වෙලා එහෙ ඇවිත් හිටියේ..."
ඒක කියලා ජෙනියා පොඩ්ඩක් රතු වුනා.
"ආ.. ඇත්තද, හරි ඉතිං උඹ එහෙ යන එක අවුලක් නෑනේ, වෙන්ට වයිෆ්නේ, උඹලට ටිකට් එක ලැබිලා ඉවරනේ, හරි ඒක පැත්තකින් තියපන් කො, මොකො මේ කවදාවත් නැතිව මෙච්චර උදේම මෙහෙට පාත් වුනේ සරණාගතයෙක් වගේ ආහ්.."
"උබේ message එක දැකලා ආවේ, අනික කුකියා උඹව ඇරලන්න යනවා මං දැක්කනෙ, ඒ නිසා මට හිතුනා උඹ මට අද මොනා හරි කියයි කියලා"
"හ්ම් හ්ම් ලොකු දෙයක් කියන්න තියෙනවා, මං කියන එක අහගනින් විකාර ආතල් නොදී හරිද...."
මං හොදට හරි බරි ගැහිලා ලෑස්ති වුනේ ඊයේ සිද්ධිය කියන්න, එතකොටම මගේ ඇහැ ගියේ ජෙනියගෙ බෙල්ල ගාව තිබ්බ මාර්ක් එකකට,
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී