මං හිමීට ගිහින් ජෙනියගෙ පිටිපස්සෙන් හිට ගත්තා, ඊට පස්සේ ජෙනියට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතිව ප්රින්සි අක්කාගේ වගේ වොයිස් එකෙන් කතා කලා...
"පාක් ජීසූ, තමුන් මේ වෙලාවේ මෙතන මොකද කරන්නේ, "
"සමාවෙන්න මැඩම්, මං මේ මේ පන්තියට යන ගමන්, "
ජෙනී ඒ කටහඩ ඇහිලා එකපාරටම හැරුනේ මූණ බිමට හරවන් සමාව ගන්න ගමන්, එයා දැක්කේ නෑ එතන ඒ වෙලාවේ හිටියේ මං කියලා ඒක දැකපු මට තවත් නම් හිනාව හිර කරගෙන ඉන්න බැරි වුනා තණකොළපෙත්තෝ, හක හක ගාල හිනාවෙන සද්දෙට තමා ජෙනියා ඔළුව උස්සලා බැලුවේ.
"යා හරුයා මොනාද බං කරන්නේ මාව එකසිය ගානට බය උනා, මේ බලපන් මගේ හාර්ට් බීට් එක, තව ඩින්ගෙන් පපුවේ අමාරුවක් හැදිලා මෙතනම කූරියා ගහනවා, තාම නම්ජුන් ඔප්පාට හිතේ තියෙන දේවත් කිව්වේ නෑ, තමුසෙව නම් තියන්න වටින්නේ නෑ."
"ඒ උනාට බං ලස්සනම සීන් එක කියන්නේ, උබ කිව්වේ මාර බොරුවක්, යකෝ අපේ ක්ලාස් එක කොහෙද උබ දැන් ඉන්නේ කොහෙද, තනිකරම ප්රතිවිරුද්ධ දිශාවක ඉදන් උබ මොකද්ද කිව්වේ, සමාවෙන්න මැඩම් මං මේ පන්තියට යන ගමන්, අයිගෝ මට බෑ මේක දරාගන්න, "
"අනේ පලයන්, උබ කියලත් මට දෙවෙනි නෑනේ, මතකනේ නම්ජුන් ඔප්පගේ ඇගේ හැප්පුන වෙලාවෙ කියපු එක, යකො මගේ බොරු හොදයි තව, "
"මං නම් ඒ පචේ කිව්වේ නැම් ජූන් ඔප්පට, උබ කාටද දැන් මේ අතේ පැලවෙන බොරුව අත ඇරියේ, ප්රින්සි අක්කට, ඇත්තටම මෙතන එයා හිටියා නම් උබත් ඉවරයි මාත් ඉවරයි, "
"හරි හරි බන්, හදිසියට මොනා කියවෙනවද කියලා කවුද දන්නේ...."
"හි, හි මේ ඒක නෙමේ, assignment වගයක් තියෙනවා නේද complete කරන්න, යමුද හවසට පොත් ගුල පැත්තේ, "
"හරි යමන්, ඉස්කොලේ ඇරුන ගමන් ඉක්මනට යමු හරිද, හතර වටේට තෙල් බෙද බෙද ඉන්නෙ නැතුව, අප්පගේ ඔෆිස් එකටත් ගිහින්ම තමා යන්න වෙන්නේ, එයා පොඩ්ඩකට එන්න කිව්වා,
"ආ හරි අවුලක් නෑ යමන්, ඒත් බං උබේ අප්ප මාව සාදරෙන් පිළිගනීද, බන්..."
"ඇයි උබ CEO ද, උඹ එද්දි පිලිගන්න බලන් ඉන්න අපෙ අප්පා, පඩි වදන් නොදී වරෙන් යන්න මගෙත් එක්ක, "
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fiksi Penggemar'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී