එක පාරම ආපු සද්දෙ අපිට තිගැස්මක් ඇති කලා,
ඒත් එක්කම යුන්ගි ඔප්පා අපෙ ගාවට ඇවිත් රහසින් වගේ කතා කරන්න ගත්තා,
"අහන්න හැමෝම දැන් පෝළිමට ගිහින් තාප්පෙන් එකා පස්සේ එකා පනින්න, තේරුනාද, හරි දැන් තමා වෙලාව"
අපි සීරුවට ගිහින් තාප්පෙන් එහා පැත්තට පැන්නේ සද්දයක්වත් නොඑන විදිහටයි, මොකද ඒකට හරියන විදිහට අපි ලෑස්ති වෙලා ආවේ පුංචිම හරි අවදානමක් ගන්න බැරි නිසා.
ටිකකින් යුන්ගි ඔප්පාත් අපිට එකතු වුනා,
සේප්පුව අරින වැඩේ ඉක්මනින්ම කරගන්න පුලුවන් වුනේ යුන්ගි ඔප්පා ඒ වැඩේට ගොඩාක් දක්ෂ වුන නිසා.
සේප්පුව ඇතුලේ තියෙන දේවල් යුන්ගි ඔප්පා ගන්න අතර තුර අපි කාමරේ පුරා සෝදිසි කරන්න ගත්තේ තව මොනා හරි වැදගත් දෙයක් තියේද බලන්න, හදිසියෙම මගෙ අත වැදිලා පී සී එකේ ස්ක්රීන් එක ඔන් වෙනවත් එක්කම ඒකේ තිබ්බ ස්ක්රීන් ස'වර් එක දැකලා මං ගැල් ගැහුනා.
"හා පැටියෝ, මේ බලන්න..."
"ඇයි නූනා.... "
"මේ බලන්න ස්ක්රීන් ස'වර් එක...."
මං පෙන්නපු දේ දිහා බලපු කුකියාගෙ ඇස් ලොකු වුනා, ඒක දැකලා එතනට ආපු ජිමිනගේ මූණ වෙනස් වෙලා ගියා, ටේයි යුන්ගි ඔප්පයි මාරුවෙන් මාරුවට මූණවල් බැලුවේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
My first and last love is you,
and will never leave ever,I will love you forever and ever,
till the day,
I die,
in your arms....!නාදිගේ ස්ක්රීන් ස'වර් එකේ තිබ්බේ මේ තියෙන නිසැදැස ලියලා දාපු මගේ හා පැටියාගේ කොලේජ් කාලේ ෆොටෝ එකක්, ඒක දැකලා හාවා පුදුම විදිහට වෙනස් වුනා, ඒක කියවලා තමන්ටම වරදකාරි හැගීමක් ඇති කර ගත්තා කියලා මට තේරුණා.
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fiksi Penggemar'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී