මං එහෙම කියනවත් එක්කම හාවා වේගෙන් මගේ ලඟට ඇවිත් මගේ මූණ එයාගේ අත් දෙකට මැදි කරගෙන මගේ මූණට එබුනා, ටිකක් වෙලා එහෙම ඉදලා ලොකූ හුස්මක් අරන් කතා කරන්න පටන් ගත්තා.
"නූනා අහන්න මැණික, අද මේ වෙලාවේ මං මෙතනට ආපු නිසා මුකුත් ප්‍රශ්ණයක් වුනේ නෑ, මං වෙනුවට මෙතනට ආවේ වෙන කෙනෙක් වුනා නම් මොකද වෙන්නේ, අනික ඔයා ජෙනී නූනා ගැන හිතුවද, මගේ හ්‍යුන් මෙතනට ආවා නම් මොකද වෙන්නේ, එයා චුට්ටක්වත් කැමති නෑ මේ වගේ දේවල් වලට, කොහෙත්ම කැමති නෑ, එයා දැන ගත්තා නම මොකද වෙන්නේ කියලා ඔයා චුට්ටක්වත් හිතුවද නූනා."
"ඒත් හාවෝ මං...."
"එපා නූනා මුකුත් කියන්න එපා ඔයාගේ දඟ වැඩ වලට මං අකැමැති නෑ, මොකද මේ ඔයා මේ ඔයාගෙ විදිහ, ඒත් නූනා ඔයා දැන් කරන්න ගියා වගේ දේවල් හොඳ දේවල් නෙමේ, මං ඔයාට මේ දේවල් මෙහෙම කියන්නේ ඔයා ගැන හිතන නිසා, ඔයාව මට ගොඩාක් වටින නිසා, ඔයාට ගොඩාක් ..........."
හාවා කියාගෙන ඇවිත් අන්තිම ටික ගිලගත්තා... හාවා ඒ ටික කියලා නවත්තනවත් එක්කම මට මහ පසුතැවීමක් දැනෙන්න ගත්තා.
"අනේ හා පැටියෝ ..."
මගේ ඇස් දෙක මේන් මෙච්චර වුනා, මේ හා බෝලේ මොනාද මේ කියවන්නේ,
ආයීශ් මගේ පපුව, මොනාද අප්පා මේ පොඩි එකා මේ කියවන්නේ, ඇයි මට අමුත්තක් දැනෙන්නෙ, ඇයි මගේ පපුව රිදෙන්න ගත්තේ, ඇයි මෙච්චර පසුතැවීමක් දැනෙන්නේ.
"අහන්නකෝ හාවෝ, මට සමාවෙන්න, ඇත්තටම සමාවෙන්න, අනේ ඔය වගේ දෙබස් කියන්න එපා හලෝ, මගේ පපුවට නිකන් මොකදෝ වෙලා යනවා,
හරි හරි දැන් ඔය ඇස්වල කඳුළු පිහිදාගන්න, කෝ ලගට එන්න මමම පිහින්න, ආ දැන් හරි, කෝ පොඩ්ඩක් හිනා වෙන්න දැන්,
ඉතිං කෝ මේ බලන්න, මං ආයේ මේ වගේ වැඩ කරන්නේ නෑ ප්‍රොමිස්, හරිනේ,
ආයේ කවමදාවත් මගේ හා පැටියගේ හිත රිදෙන විදිහේ දෙයක් කරන්නේ නෑ,
කෝ හිනා වෙන්න පොඩ්ඩක්, හ්ම්.. අන්න හරි .... ක්‍යෝප්තා...."
හිතට ආපු හැගීම් ඒ විදිහටම මං කියලා දැම්මා, ආව් ආව් කොල්ලට ගිය හිනාව, අයිගෝ මගේ අසරණ හදවත, ඒකට ලගදිම මොනා හරි වෙනවා මේ හා පැටියගේ වැඩ නිසා.
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfic'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී