"ඔව් හාවෝ.. කියන්න "
"ඔයාට නින්ද යනකම් ඔහොම ඉන්නවද කට් නොකර, මං කට් කරන්නම් ඔයාට නින්ද ගියාම .. හාද.."
"අයියෝ ඕකත් අහන්න දෙයක්ද, අනික හාවෝ ඔයා දැකලා තියෙනවනේ පැට්ටෝ මං දොයියන හැටි මෙලෝ රහක් නෑනේ "
"හරි හරි ඒ පණ්ඩිතකම් ඔයාට වැඩක් නෑනෙ නූනා, ඔයා නිදාගන්න "
"හරී, ඔයා කියන දෙයක් තමා ඉතිං..."
මං කුකියට මාව පේන විදියට ෆෝන් එක සෙට් කරලා නිදාගත්තා කීයට ඇහැ පිය වුනාද නම් දන්නේ නෑ ඉතිං.
***** ** ** ** ** ******
උදේ නැගිටල බලද්දි දෙන්නගෙම ෆෝන් වල බැටරි බැහැලා නැගිටපු ගමන් ම ෆෝන් එක චාර්ජ් වෙන්න ගැහුවෙ හවසට දුර ගමනක් යන්න තියෙන නිසා
දෙන්නම හිටියෙ ගමන ගැන ගොඩක් ආසාවෙන් ඒත් දෙන්නම ඒක හිත් වල හංගගෙන සාමාන්‍ය විදියට ඉන්න ගොඩාක් උත්සාහ කරා, ටිකෙන් ටික වෙලාව ගත වෙලා ගිහින් එයාලා යන්න හිතන් හිටියේ වෙලාවට ලං වුණා
"හාවෝ, එහෙනං පිටත් වෙමු නේද ජෙනියට මං කෝල් එකක් දුන්නා එයාලා මග බලන් ඉන්නම් කිව්වා "
"ඔව් මාත් ලෑස්ති ඔයාගේ බඩු ටික කාර් එකට දැම්මා නේ ද, මුකුත් මිස් වුනේ එහෙම නෑනේ.."
"ඒවා ඔක්කොම හරි හා පැට්ටෝ.."
හැමදේම ගානට ලෑස්ති කරන් දෙන්නත් එක්ක ගමන පිටත් වුණා බුසාන් වලට තියෙන්නේ පොඩි දුරක් නම් නෙමෙයි, කොහොමත් එහෙට යද්දි සෑහෙන වෙලාවක් යයි, දෙන්නම මාරුවෙන් මාරුවට drive කරපු නිසා ලොකු මහන්සියක් නම් දැනුනේ නෑ, මගදී පොඩි රෙස්ට් එකක් ගන්න හිතාගෙන රෙස්ටුරන්ට් එකක් වගේ තැනක නවත්තලා, ඕනෑ එපාකම් එහෙම සපුරාගෙන ජෙනියට කෝල් එකක් දීලා ආපහු දෙන්නව පිටත් වුණා.
පැය ගානකට පස්සෙ ටික ටික මුහුදුබඩ පැත්තකට ළං වන ලකුණු පේන්න ගත්තා මුහුදේ සද්ද එහෙම ඇහෙනවත් එක්කම මුහුදු හුළඟත් දැනෙන්න ගත්ත.
හාවා පොඩ්ඩකට වාහනේ නවත්තලා කැළේ වගේ හරියකට ගිහින් ටිකකින් ආවා
"කොහෙද හාවෝ ගියේ..."
"ආ... මේ පොඩි හාවෙක් දුවනවා දැක්කා ඒකව අල්ලාගන්න ගියේ.. ඒකා පැනලා ගියා.."
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී