පසුවදා නැගිටින කොට හොඳටම පරක්කු වෙලා ටක් ගාලා ගිහින් වොශ් එකක් දාලා, නූනාගේ කාමරය ඉස්සරහට ගිහින් විනාඩි 5ක් විතර හිටියා දොරට තට්ටු නොකර, මොකද හිත සන්සුන් කරගන්න ඕනි නිසා.
මං දොරට තට්ටු කරනවත් එක්කම වගේ නූනා දොර ඇරියා, එයාව දැකලා මං කටත් ඇරම් බලන් හිටිය, අද මගේ නූනා ගොඩක් ලස්සනයි.
"මොකද හාවෝ මේ කටත් ඇරම් බලන් ඉන්නේ, මොකද මීට කලින් මාව දැකලා නැද්ද .."
"ඔයා අද ගොඩක් ලස්සනයි නූනා, වෙනදටත් වඩා ලස්සන .."
"හරි හරි ඔය මදෑ වර්ණනා කලා, ඉක්මනට යමු ඔප්පලා බලන් ඇති.."
"හරි යමු, අල්ලගන්න මගේ අතින්..."
"මේ මොකෝ මේ, අනේ මට නම් බෑ "
"හ්ම් හ්ම් දඟ නොකර අල්ලගන්න,"
"අනේ මේ මොකද හාවෝ, පොඩි බබෙක් වගේ නේ මං එතකොට..."
"තාම පොඩි වගේ තමා ඉතින් හැසිරෙන්නේ.... කමක් නෑ අල්ලාගන්න .."
මං නූනගේ අතත් අල්ලගෙන resort එකේම පොඩි උත්සව ශාලාවක් තියෙනවා, ඒකට ඇතුල් වෙනවත් එක්කම නූනාගේ කට ඇරුණා,
අපි යද්දි ජෙනී නූනායි, හ්යුනුයි එකතු වෙලා හැම දේම ලස්සනට ලෑස්ති කරලා තිබ්බා.
හෝල් එකේ මැදට වෙන්න පොඩි ස්ටේජ් එකක් හදලා, ඒක මැද කේක් එකෙකුත් ලෑස්ති කරල ලස්සනට පිළිවෙළට තියලා සරසලා තිබ්බා ,
හරි මැදට ආවම මම නූනව නවත්තලා මගේ පැත්තට හරවල හිමින් නලලට කිස් එකක් දුන්නා
"හාවෝ, මේ මොනාද මෙතන වෙන්නේ ඇයි මේ අපි දෙන්නම මෙහෙම ඉන්නෙ ජෙනීටයි ඔප්පටයි නෙමෙයිද මේ සප්රයිස් එක ..."
"අහන්න මැණික මං දැන් කියන්න යන දේ හොඳට අහගන්න ..."
"හ්ම්... අහගෙන ඉන්නේ හා පැටියෝ කියන්න..."
"ඔයාට මතකද එදා මං කියපු දේ, අපි ගැන මේ දේවල් ගැන අලුතෙන් හිතන්න කිව්වා ඒ වගේම වෙලාව එනකන් ඉවසන්න කිව්වා මතකද.."
"ඔව් ගොඩක් හොදට මතකයි එදායින් පස්සේ මං ගොඩාක් හිතන්න ගත්තා.."
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී