"මගේ හා පැට්ටෝ ...."
මං එහෙම අහගෙනම එයා ගාවට ගියා...
"ඇයි මේ...."
"නූනා, මට එයාලා ගැන දුක හිතුනා...."
"ඒ ඇයි...."
"දන්නේ නෑ, මොකද්දෝ හැගීමක් ආවා..."
"ඉන්නකො අපි බලමු එයාලා මොනද හිතන්නේ කතා කරන්නේ කියලා"
මේ හාවා මාව බය කරනවනේ, මට තේරුනා හාවා කොච්චර නම් සංවේදීද කියලා, ආදරේ කියන හැඟීම ලග....
"කියන්න ඔප්පා.. මං අහගෙන ඉන්නේ.."
දැන් මෙතන හෙන කේ ඩ්‍රාමා සීන් එකක් යන්නේ, මගේ කට බාගෙට ටිකක් අඩුවෙන් ඇරන් කන් දීගෙන හිටියා.
"ජෙනී, මං මේ දේ ගොඩාක් කල් ඉදලා ඔයාට කියන්න හිටියේ,
සරන්හේ ..... මං ඔයාට ගොඩාක් ආදරෙයි !"ඒ වෙලාවෙ මං බිබී හිටිය ඩ්‍රින්ක් එක හිරවෙලා කැස්සක් ආවා, කුකියා ඉක්මනටම ඇවිත් මගේ පිටට ගගහා අතගාන්න ගත්තා,
ජෙනියට ගානක්වත් නෑ, මං මෙතන හිරවෙලා මැරෙන්න යනවා, මේකි ජුන් ජුන් ඔප්පගේ මුණේ ඇලවිලා, හරි ඉතිං සාධාරණයි, ඒකිගේ ලෝකේනේ මේ....
"ඔප්පා... මේ ඇත්තමද..."
"ඔව් ජෙනි අද ඊයෙක නෙමේ, පොඩි කාලේ ඉදන් මගේ හිතේ ඔයා ගැන ලොකු කැමැත්තක් තිබ්බා කාලෙත් එක්කම ඒ හැඟීම ආදරේ කියලා තේරෙන්න ගද්දි මට ටිකක් බය හිතුනා, ඔයත් මට මං වගේම කැමතිද දන්නේ නෑ කියලා, ඒත් ඔයත් මං ගැන උනන්දු වෙනවා කියලා මට තේරුනා, මං හිතාගෙන හිටියේ කොලේජ් එකෙන් අයින් වෙලා පාත් එකක් හදාගෙනම , ඔයාට මේ දේවල් කියන්න කියලා, ඒත් හිතුවේ වත් නැති විදිහට අපේ අප්පලා ඉස්සර වුනා."
මොකෝ කියන්නේ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාන්නද, නෑ එක්කෝ ඕනි නෑ.
"ඔප්පා මමත් ඔයාට ගොඩාක් කැමති, ගොඩාක් ආදරෙයි , නාදු සරන්හේ ...!"
ඔප්පට එහෙම කියලා මේකි ක්ෂණික ආවේ මගේ ගාවට, ඇවිත් මාව බදාගත්තා.
"හරුයා.... හරුයා.... හරුයා..."
"ඔව් ඔව් නාදු සරන්හේ ...."
"ඔයාට ඇහුනද..."
"ඔව් ඔව් ඇහුනා ඇහුනා, හරි හරි මොනා වුනත් මතකනේ, මගේ වැඩේ ඉවර වෙනකම් කට වහගෙන ඉන්නවා හරිද..."
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfiction'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී