19. කෙල්ලෙක්ට කිස් එකක්....

118 27 10
                                    

අපි හතර දෙනාම ඩිනර් එක ගන්න ගමන් කතා කරන්න බැරි උන හැම ඕපා දූපයක් කතා කරේ හරියට ඇරියස් එකක් අල්ලන්න වගේ

නම්ජුන් ඔප්පා අපි දෙන්නම ගෙවල් වලට දාලා ආපහු ගියේ ඊළඟට අපි හැමෝම සෙට් වෙන්නේ රිසෝට් එකේදී කියලා මතක් කරන ගමන්

ඔප්පලා ලබන සතියේ සඳුදාම යන නිසා මටයි කුකීට යන්න වෙන්නෙ බ්‍රහස්පතින්දා හවස හරි සිකුරාදා උදේ හරි, ඒ නිසා අපි කතා වුනේ බ්‍රහස්පතින්ද කැම්පස් එකට ඇවිත් එහෙම්මම හවස පිටත් වෙන්න මොකද සිකුරාදට නිවාඩු දවසක් නිසා හොඳම දේ බ්‍රහස්පතිදාම එන එක කියලා ඔප්පත් කිව්වා

හෙමින් හෙමින් දවස් ගෙවිලා ගියේ කිසිම කලබලයක් නැතුව, ජෙනියා පිටත් වුණා ඔප්පාත් එක්ක, තව දවස් තුන හතරකින් විතර මායි කුකියත් යනවා

මේ වෙද්දි ගෙදරත් දැනුවත් කරලා තිබ්බ නිසා කිසි ප්‍රශ්නයක් වුණේ නෑ, දැන් කොහොමත් ගෙදරින් කේස් නෑ, ඉස්සර වගේ නෙමේ දැන් ඉතින් අපි කැම්පස් යන නිසා වැඩි නීතිරීති දාන්නේ නෑ ගෙදරින් වුනත්,

අපේ මලයත් දැන් ගොඩාක් මහන්සි වෙනවා මොකද එයා තව යාළුවෝ සෙට් එකක් එක්ක ඩාන්සින් ගෲප් එකක් හදාගෙන පොඩි පොඩි ස්ටේජ් පර්ෆෝර්මන්ස් කරනවා, ඒත් එක්කම කොලේජ් වැඩත් බැලන්ස් කරන් යනවා, කොල්ලා දක්ෂයා.

ජෙනියා නැතුව පාළු  නිසා මේ දවස් ටිකේම වගේ මං කුකියා එක්කමයි හිටියේ, කුකියත් තෝරගෙන තිබුනෙ art, මොකද හාවාට හොඳට සිංදු කියන්න පුළුවන් ඒ වගේම හොඳට නටන්නත් පුළුවන්,

අපි දෙන්නම එකම දේ ඉගෙන ගන්න නිසා ගොඩක් වෙලාවට අපි පාඩම් ගැන තමා කතා කළේ, ඒත් ඕපාදූපත් කතා නොකලාම නෙමේ.

හාවාත් ගොඩක් පරිස්සමින් තෝරා බේරාගෙන කතා කරන්නේ කියලා මට තේරුණා, අපි වැඩිපුර ම පොත් ගුලේ තමා හිටියේ, මායි ජෙනියයි ඉන්න උඩ තට්ටුවෙ ස්පොට් එකේ තමා අපි පුළුවන් හැමවෙලාවකම සෙට් වුනේ.

එතන මාරම නිදහස් නිස්කලංක නිසා කුකියත් එතනට ගොඩක් කැමති වුනා, ලෙක්චර්ස් නැති වෙලාවට අපි එතනට යන්න පුරුදු වුණා,

My love... no limit, no boundaries [COMPLETED]Where stories live. Discover now