මන් එදා බෝඩිමට එද්දී දෙව්ට නම්බර් එක දීලා ආවේ.ඒ මනුස්සයනම් පිස්සෙක්ද කොහෙද හැමතිස්සෙම මට මැසේජ් දාල මට කතා කරන්නේ නැතුව ඉන්නවා.
September 21
hi 7:42pm
hii🤗 7:44pm✔
mk? 7:44pm✔
honday 7:46pm
hmm 7:47pm✔
hmm 7:50pm
hmmm 7:50✔
September 22
hii 4:52pm
hi 4.53pm✔
missed call from yaka 💀🖤
ay call ekak gaththe 5:01pm✔
sry 5:05pm
හැම තිස්සෙම මේ වගේ එයා කතා කරලා එයාම කතා නොකර යනවා.
මේ මන් ස්කෝලෙට ඇවිත් දෙවැනි සතිය.දෙව් මාත් එක්ක ස්කොලේදී කතා කරන්නේ නෑ වැඩිය.ඒත් අපි කෝල් කරනවා හැමදාම හවසට.එයානම් කියන්නේ ස්කොලේදී කතා කරන්නේ නැතුව ඉමු කියලා.මන් කිව්වේ ඒවා අදාළ නෑ මට මගේ යාළුවව වටිනවා කියලා.
නෙහාරනම් මට බැන්නා මන් දෙව් එක්ක ඉන්නවා කියලා.ආ දැන් එයා දෙව් නෙවෙයි එයා කියා එයාගේ නම කියාර කියල මන් පස්සේ දැනගත්තේ කියාරා දෙව්ලිණි ඒ නමත් එය වගේම ලස්සනයි එය දැන් මගේ කියා.
පන්තියේ ළමයි මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ මන් කියා එක්ක කතා කරන නිසා.කියානම් මාත් එක්ක ස්කොලේදී පොඩ්ඩක්වත් කතා කරන්න කැමති නෑ.එයානම් කියන්නේ එයා නිසා අනිත් අයට කරදයක් වෙනවා බලන්න ඕනි නෑ කියලා.
කොහොමහරි මගේ බොක්කව මන් බලාගන්නවා.මට එයාව බොක්කක් වගේනම් නෙවෙයි.ඊට වඩා මන් කියාරට කැමතියි කියලා මන් දන්නවා.පොඩ්ඩක් නෙවෙයි ගොඩක්.
කියාරයි මමයි එකම විෂයන් කරන්නේ ලැන්ග්වේජ් ඇරුනම.එයා ප්‍රංශ මන් ජපන් ඒ දෙක ඇරුනම අපි දෙන්න එකටමයි.තාමත් මන් එයා ගැන වැඩි දෙයක් දන්නේ නැහැ.
එයාත් එක්ක කෝල් කරත් මන් තමයි කියවන්නේ එයා අහගෙන ඉන්නවා විතරයි.එයා කොච්චර කිව්වත් එයා නිසා මටත් ප්‍රශ්න ඇති වෙයි කියල මන් මග ඇරලා හිටියා එත් එදා චායාගේ කට්ටිය ඇවිත් මාව එක්කරගෙන ගියා.
"අනිත් හැමෝම උන්ගේ පාඩුවේ ඉද්දි තමුසේ මොකද අර දෙව්ගේ සැප දුක් හොයන්නේ "
"අක්කේ එයා මගේ යාළුවා නිසා"
"එයාට කලිනුත් යාලුවෙක් හිටියා ඔය වගේම හරි දරු දුක තිබුනා.දැන් යාළුවා ඒ ගැන කතා කරන්නත් බයයි.තමුනුත් එහෙම වෙනවට කැමතිද "
"අක්කේ ඔයාල කරන වැඩේ වැරදියිනේ "
"මොකක්ද බැල්ලි කිව්වේ මන් කරන්නේ මට ඕනේ නිසා "
"මේක අම්බලමක් නෙවෙයි තමුසෙට ඕනේ විදියට දේවල් කරන්න "
කන දෙදුරුම් කන්න හොඳ කනේ පාරක් හම්බුනා.මට මගේ තරහ පාලනය කරගන්න බැරි උනා.එත් දිගටම එයාල මට ගැහුවා මට කරගන්න පුළුවන් දෙයක් නෑ.ළමයින්ට ඇහුනත් එන්නෙත් නෑ.මට පන නෑ.පයිනුත් ගැහුවා කොන්ඩෙනුත් ඇද්දා.අනේ දෙවියනේ නවත්තන්න මට තවත්නම් බහ අනේ අම්මේ රිදෙනවා මන් අඬනවා හොඳටම අඬනවා.මට රිදෙනවා
"දැන්වත් තමුසේ අර ගැනිගෙන් අයින් වෙලා ඉන්නවා පාඩමක් ඉගෙන ගත්තනේ "
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...