මන් දැන් ඉස්සර හිටපු දකින දකින හැම කෙල්ලටම ලයින් දාන සෙල්ලක්කාර වගියා නෙවෙයි.එයා මාව වෙනස් කරලා මාවත් තනි කරලා ගියා.
මන් හැමදාම රෑට අඬනවා කියලා දන්නේ පහනි විතරයි.පහනි මගේ කැම්පස් බෝඩිමේ මාත් එක්ක එකට ඉන්නේ මගේ ෆැකල්ටියෙමයි.ඉතින් පහනි තමයි මගේ බෙස්ටා.
පහනිනම් එක පයින්ම කැමතියි කවීන් මාව කැන්දගෙන යනවට.කටේම තියෙන්නේ උබේ දෙවැනි මනමාලි මන් උබ කවීන්ව බැන්දොත්.මට එවෙලාවට කියන්න ඕනි මන් කවීන්ව කවදාවත් බඳින්නේ නැහැ කියලා.ඒත් හේතු අහද්දී තමයි මන් ගොළු වෙන්නේ.
කැම්පස් එකේ විභාගෙන් පස්සේ නිවාඩුවට සතියක් තියාලා හයියෙන් වහින දවසක ඇඳට වෙලා වෙනදවගේම අඬ අඬ ඉද්දි පහනි මට කෑගහලා බැන්නා.
"නවත්තපන් බන් දැන් ඔය ඇඳියාව ඔය දෙව්ද මොකාද උබව දාල ගිහින් දැන් අවුරුදු තුනකටත් වැඩියි උබ හැමදාම වැලපෙනවා.උබ අපිට ඔය කව්ද කින්ද මන්ද කියන්නෙත් නැහැ අඩුම තරමේ හොයල බලන්නවත් ඔය ෆෝන් මගුල බලාගෙන අඬනවා මුළු රෑම දීපන් ඕක "
පහනි මන් බල බල හිටපු කියාරගේ 4ටො එක බලන්න ෆෝන් එක ඇදලා ගත්තා.
"කව්ද මේ උබ..ව..අන්."
"පහනි අනේ..ඕක දෙන්න "
"දෙව් කෙල්ලෙක්ද "
"පහනි ෆෝන් එක දෙන්න "
"කියපන් දෙව් කෙල්ලෙක්ද "
"ඔව්ව්.....ඕක දෙන්න මෙහාට "
ෆෝන් එක පහනිගේ අතින් ඇදලා ගත්තු මන් එහෙම්මම ඇඳේ ඉඳගත්තේ දැන් පහනි මට මොනවා කියයිද කියලා බයත් එක්ක
"උඹට පිස්සුද බන් "
"අනේ.."
"මොනවද බන් මේ කරන්නේ "
"අනේ පහනි එහෙම හිතන්න එපා "
"මන් දන්නේ නෑ වගී"
"මන් ගැන වැරදියට හිතන්න එපා "
"මන් අහන දේවල් වලට ඇත්ත කියපන් "
"හ්ම්ම්"
"කව්ද ඔය දෙව් කියන්නේ"
"මගේ...මන්.."
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...