21.

392 79 0
                                    

අවුරුදු තුනකට කලින් මන් ඇමෙරිකාවට ගියත් මාස කීපයකට පස්සේ දැනුන පාලුවයි තනිකමයි හින්දා අයෙමත් ලංකාවට ආවා.ඒ ඇවිත් වගීව බලන්න යන්න හැදුවත් එයා පේරාදෙණියට ගියපු නිසා විස්තර දැනගන්න වගීගේ පොඩි අයියව හම්බවෙන්න ගියා.අයියව හම්බුනාම අයියා අහපු පලවෙනි ප්‍රශ්නේ ඉගෙන ගන්න එකත් මග දාලා ආවේ ඇයි කියලා.

අවුරුදු තුන හතරක් තිස්සේ තනි වෙලා හිටපු මට සතුට කියන දේ ආයෙමත් ලඟට ගෙනත් දීපු මගේ වගී නැතුව තව පාරක් තනි වෙලා ඉන්න මට පුළුවන්කමක් තිබුනේ නැහැ.

වගීෂටත් නොකියා නුවරට ගිහින් වගීව බලලා අයෙමත් ඇමෙරිකාවට යනවා කියල හැමෝටම කිව්වත් මුළු මාසයක්ම මගේ වැඩ පාඩු කරගෙන ලංකාවට වෙලා හිටියේ ආයෙමත් මට ඒ නන්නාදුනන රටේ තනිවෙන්න උවමනාවක් තිබුනේ නැති නිසා,ඒත් අහම්බෙන් දවසක් පොඩි අයියව හම්බවුනා.

"කියාරා.."

"අයියේ "

"මොකද මෙහෙ කරන්නේ තාමත් ලංකාවේද "

"මට යන්න හිතක් නැහැ අයියේ කාත් කවුරුවත් නැතුව එහෙට වෙලා තනියම ඉන්න මට බැහැ"

"ඉගෙන ගන්න වැඩ "

"දැන්නම් හොඳටම මග ඇරිලා "

"නිකන් බොරුවට ජීවිතේ නාස්ති කරගන්න එපා නංගි.ඔයත් මට මගේ නංගි වගේ එකයි මන් කියන්නේ .ටික කාලයක් තනියෙම ඉඳලා ඔය වැඩ කටයුතු ඉවර කරලා ලංකාවට ආවනම් ඔයාට ඔයා කැමති විදියට ජීවත් වෙන්න පුළුවන්. ලැබුණු අවස්ථාවෙන් ඉගෙන ගන්න "

"මගේ ජීවිතෙන් බාගයක්ම තනියමයි හිටියේ මට තවත් තනිවෙන්න බැහැ"

"වගීෂා දන්නවද ඔයා මෙහෙ කියලා "

"මන් රට යනවා කියලා ගියපු දවසෙන් පස්සේ තවම එකපාරක්වත් කතා කරේ නැහැ"

"ඇයි ????"

"මට එයාව මතක් වෙන හැමවෙලාවකම ඔක්කොම දමල ගහලා එන්නයි හිත,නුවරට ගියත්  මුණ බලලා මන් ආවා.කතා කරොත් මට ආයෙමත් යන්න හිතෙන්නේ නැහැ."

"කියාර මේ අහන්න,තව අවුරුදු කීපයක් ඉගෙන ගන්න, වැඩ ටික ඉවර කරන්න ඔයා අයෙමත් ලංකාවට එන්න එපා.මන් කියන දේ අහන්න නංගිත් ඔයා වගේම ගොඩක් අවුලෙන් ඉන්නේ.ඔය දෙන්නම ස්කොලේ කාලේ එකටම ඉඳලා දැන් වෙන්වුන නිසයි මේ.තව අවුරුදු තුන හතරක් ඉවසන්න."

එදා අයියා කියපු විදියට මන් ආයෙමත් ඇමෙරිකාවට ඇවිත් මගේ වැඩ පටන් ගත්තා.සතියකට සැරයක්වත් වගීෂා ගැන දැනගන්න අයියට කතා කරා.

එයා වැඩ හොඳින් කරත් දුකෙන් ඉන්නේ කියලා දැනගත්තාම මන් ලංකාවට එන්න හැදුවත් මට එන්න නොදුන්නේ අයියා.අවුරුදු තුනක් තිස්සේ අයියා කියන දේ අහලා ඉගෙන ගත්තා.

අයියනම් කිව්වේ වගී දුකෙන් ඉන්න වෙලාවේ ලංකාවට ඇවිත් දුක් වෙලා රණ්ඩු වෙලා ඒ දේවල් විසඳ ගනිද්දී අයෙමත් සැරයක් කැම්පස් වැඩ වලට අවදානය දෙන්න බැරි වෙන නිසා හැමදේම හොඳ අතට හැරිලා තනියම මේ දේවල් දරාගෙන ඉන්න පුරුදු වෙනකම් වගීශාව හම්බ වෙන්න එන්න එපා කියලා.





මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤

Light of my life (GL) COMPLETEHikayelerin yaşadığı yer. Şimdi keşfedin