23.

396 87 2
                                    

"අයියා අක්කෙක්ව කැන්දගෙන යනවා මමත් නංගිව උස්සන්නද "

"ආ ආස ඇති "

"ආසයි තමයි පොඩ්ඩක් ඉන්න "

"හ්ම්ම් "

මෙන්න කෝට් එක උස්සගෙන එනවා

"ආ මෙන්න "

"ඇයි මට මොකටද "

"දාගන්න "

"බැහැ "

"කට්ටිය බලනවනේ "

"බලපුදෙන් පේනවා කියල දැනගෙනයි ඇඳගෙන ආවේ "

"ඕනේ එකෙක් බලපුදෙන් අර ඔයාට ලයින් දාන දෙවෙනි මනමාලයට බලන්න දෙන්නේ නැහැ කොහෙට ගියත් මෙතනටමනේ එන්නේ "

"මොකද අනේ බනින්නේ මන් යාලු වෙන්න යන්නේ නෑනේ ලයින් දාපු දෙන් "

"හ්ම්ම් හ්ම්ම් අර අවුරුදු 18 කැත කෙල්ලම ඉන්න තිබුනා.කාගෙන් අහලද ලස්සන උනේ "

"අනේ මේ මන් යනවා "

එනවා මෙතන.තාමත් අර කොල්ලට ඔරවනවනේ.ඉරිසියාකාරයා.

"මේ වගීෂා "

මෙන්න පැණියා මට කතා කරනවා දැන් ඉතීම් පුපුර පුපුර ඇති.

"ඕඕ කියන්න අයියේ "

"අර ඔයාගේ යාලුවෙක් නේද "

"ඕඕ "

"මන් මේ වෙලාවක ඉඳල බලාගෙන හිටියේ එයා සින්ගල්ද "

"අහ්හ් "

"නැද්ද??"

" ඔයා එයාටද මෙච්චර වෙලා ලයින් දැම්මේ "

"ආ ඔව් ටිකක් ඒ වගේ .එයාට මීටර්ද ඒක මට ඔරෝනවත් දැක්කා."

"එයාට කෙනෙක් ඉන්නවා අයියේ "

"හෆ්ෆා එහෙමද "

"මන් යන්නද එහෙනම් "

"ආ හරි "

එනවා මෙතන මට කෝට් එක දෙන්න එයා හැමෝටම පෙන්නගෙන.මට ලයින් දානවා කියල ඔරවන්නේ.එයාටමනේ.ආ මේ එන්නේ.

"මොනාද අර පැණියා කිව්වේ මන් දැක්කා"

"දැක්ක තමයි ඔයා මේ කෝට් එක දාගෙන එන්න යන්න මාත් එක්ක "

Light of my life (GL) COMPLETEWhere stories live. Discover now