කියාරා දෙව්ලිණි ජයසේකර.පවුලේ එකම ළමයා වුනු කියාරා හැමෝගෙම ආදරය මැද්දේ හරිම හුරතලේට හැදුනේ වැඩුනේ.කියාරාගේ පවුලේ අය මුලින්ම ජීවත් උනේ නුවර.කියාරගේ සීයාගේ බිස්නස් කියාරගේ තාත්තා භාරගත්තට පස්සේ එයාලා කොළඹට ආවා.කොළඹට ඇවිත් කියාරාව අලුත් ස්කෝලෙට දාපුවම මුළු ස්කොලේම දන්නා කියන හොඳ ඉගෙන ගන්න ළමයෙක් විදියටයි කියාරා හිටියේ.
ඒත් හිටි හැටියේ උන accident එකක් නිසා කියාරගේ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙනවා.කියාරව එයාගේ තාත්තගේ මල්ලි කියාරව හදාගන්න ගන්නවා.ටික කාලෙකින් පස්සේ කියාරට දැනගන්න ලැබෙනවා එයාගේ අම්මගෙයි තාත්තගෙයි මරණෙට වග කියන්න ඕනේ එයාගේ තාත්තගේ මල්ලි කියලා.දේපල තන්හාවට තමාගේම අයියව මරල දාපු නිසා සීයා මාමව පවුලෙන් අයින් කරනවා.මාමා හිරෙත් ගියා.
එත් කියාරා එන්න එන්නම ස්කොලේ වැඩ මග ඇරලා තමන්ගේ පාඩුවේ ඉන්න පටන් ගත්තා.එත් දවසක් කියාරගේ සීය කිව්වා දේවල් නිසා කියාරා ආයෙමත් වැඩ කරන්න පටන්ගන්නවා.ඒ ඉස්සර හිටපු පන්තියේ පළවෙනිය නෙවෙයි ගෙදර බල කිරීමට ඉගෙන ගන්න නිකන්ම ළමයෙක්.
ස්කොලෙන් වෙන කරදරයි,පාළුවයි තනිකමයි දුකයි ඔක්කොම හිතේ තියාගෙන කාටවත් කතා කරන්නේ නැතුව ඔහේ ඉන්න ළමයෙක් විදියට ඉන්න කියාරා පුරුදු උනා.හැමදාම තුවාල පැල්ලම් සීරීම් ගැන සීයයි ආච්චියි ඇහුවත් මග ඇරලා පාඩුවේ හිටියා.
කියාරා තමයි මේ විසල දේපල වල ඊළඟ උරුමක්කාරයා.කියාරට ඕනේ උනේ අම්මවයි තාත්තවයි මරාගත්ත මේ දේපල වල ඊළඟ උරුමක්කාරයා වෙන්න නෙවෙයි
එයාගේ පාඩුවේ එයාගේ ජීවිතේ ජීවත් වෙන්නයි.ඉතින් එයා තවත් ඉගෙනීම් කටයුතු වලට අවදානය දෙන්න පටන්ගත්තා.ස්කොලේදී වෙන කරදර එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් උනා.
මේ අතරේදී තමයි කියාරට පස්සෙන් එල්ලී එල්ලී එන වගීෂාව හම්බුනේ.මුලින්ම කියාරට වගීෂාව පෙනුනේ මහා පණ්ඩිත කෙල්ලෙක් විදියට පස්සේ ටික කාලයක් යනකොට වගීෂා අනිත් ය ගැන හිතන හෙන දාන්ගලේ තියෙන ළමයෙක් කියලා කියාර හිතුවා.
කවදාවත් නැති විදියට වගීශාට ලංවෙන්න උවමනාවක් කියාරට තිබුනා.අවුරුදු තුනක් තිස්සේ තට්ට තනියම යාලුවෙක්වත් නැතුව හිටිය කියාරට වගීශාව යාළුවා කරගන්න උවමන උනා.
වගීෂා එක්ක වැඩි පුර කාලය ගත කරන එක කියාරට සතුටක් නිදහසක් ගෙනත් දුන්නා.ඒත් එයාගේ 9වසරේ හිටපු යාලුවට උන දේ වගීශාට වෙන්න ඕනේ නැති නිසා කියාර හැම තිස්සෙම වගීෂාව අතේ දුරින් තියාගත්තා.
කියාරා හිතපු විදියටම වගීෂාටත් කරදර කරා.ඒත් තමන්ට ගහද්දිවත් නැගිටලා යන්නවත් හිතන්නේ නැති කියාරා වගීෂා වෙනුවෙන් එදා චායාට ගැහුවා.ඊට පස්සේ නිතරම වගීෂ එක්කම ස්කොලේදී ඉන්න කියාර තීරෙනය කරා.
නිමක් නැතුව කියවන වගීෂාගේ කතා අහගෙන ඉන්න තමයි කියාර කැමතිම.වගීෂා කලින් හිටපු බෝඩිමෙන් අයින් වෙලා කියාරගේ අපාර්ට්මන්ට් එක හරියෙන් තැනක් රෙන්ට් කරනවා කිව්වම කියාර උඩ පැනල නැටුවා.
ඔහේ ගෙවිලා ගිය කියාරගේ ජීවිතේට අලුත් දේවල් එකතු කරන්න වගීෂාට පුළුවන් උනා.
කියාරා කෙම්ල ගැනත් ඔන්න කිව්වා දැන් තමයි හොඳම කෑල්ල
පොඩ්ඩක් ඉන්නටකෝ...
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...