මනමාලි අක්කගේ ගෙදරින් පිටත් වෙලා මාව එහෙම්මම මගේ තැනින් බස්සවලා තාත්තලා ගියා.හෙට ස්කොලේ තිබුනත් ලීව් එකක් දාල ඉන්න පුළුවන්.කොහොමත් ටෙස්ට් එක ඉවර උනා විතරනේ.අර යක් පැටියට කතා කරන්නත් ඕනි.
වොෂ් එකක් දාගෙන නිවාඩු පාඩුවේ එහෙ යන්න කියලා හිතාගෙන ආවත් යක් පැටියා මෙතන දොර ළඟ.
"කොහෙද ගියේ ??"
"ඇයි මොකද කලබල වෙලා "
"කලබල වෙන්නේ නැද්ද දැන් ක්ලාස් එන්නම් කියල උදේ ආපු කෙනා ක්ලාස් ආවේ නැති උනාම"
"මන් කෝල් කරා "
"ෆෝන් එක අමතක වෙලා දාල ඇවිත් "
"දැන් එතකොට මගේද වැරැද්ද "
"මන් ඇහුවේ කොහෙද ගියේ කියලා මන් ක්ලාස් ඉවර වෙලා මේ දැන් ආවේ කෙලින්ම මෙහාට"
"තරහ ගිහින් මොකද "
"තරහ නෑ "
"තාත්තා උදේ කතා කරා "
"හ්ම්ම් ඉතින් "
"ඉතින් මන් ක්ලාස් යන්න ලැස්ති වෙවී හිටියේ"
".........."
"ලොකූ මැරි කරන්න හදන්නේ එයාගේ මනමාලි බලන්න ගියා "
"හ්ම්ම් "
"හ්ම්ම් තමයි බොරුවට යකෙක් වගේ බෙරිහන් දෙන්නේ මොකෝ "
"මන් හිතුවේ මාත් එක්ක තරහ වෙලා කියලා "
"එකද අඬන්න වගේ මෙතන බලාගෙන හිටියේ "
"........"
"හ්ම්ම් යමු ඇතුලට කෝලම "
***************************************************************
කතා උන විදියටනම් ලොකූ බැන්දට පස්සේ රට යනවලු.අයියෝ දැන් තවත් පාලුයි.ඉක්මනට රට යන වැඩ ටික කරගත්ත නිසා වෙඩින් එකත් ඉක්මනින්ම ගන්න තමයි මේ හදන්නේ.හැමෝම හරි හරියට වැඩ.මාව දෙවන මනමාලියෙක්ටත් ගන්න හදනවා.මන් යයි මේන් කියලා.
*****************************************************************
වෙඩින් එක අද.හදිස්සියේ තිබ්බට කට්ටියනම් ගොඩකට කියලා තිබුනා.හොඳම වැඩේ කියාරවත් එක්කගෙන එන්න කියලා ලොකූ කිව්වා.කියරා මටත් වඩා ලස්සනයිනේ වෙඩිමේ හිටපු කොල්ලන්ගේ ඇස් මෙයා ගාව.මෙයාගේ ඇස් මගේ ගාව.
අපි දෙන්නනම් හොඳට නැටුවා පැලෙන්න කෑවා.පොඩි කියාරව දැක්කම මට ඇහැකුත් ගැහුවා.මන් කියාරට කිව්වම එයාට හිනා.දැන්නම් අපි දෙන්න අරමයි.අරමයි කිව්වේ ඉතින් අරමයි.
එදා ලොකූගෙ මනමාලි බලලා එනකොට කියා මගේ අපාර්ට්මන්ට් එකට ඇවිත් තිබුනා.ක්ලාස් ගියේ නැති නිසා එයා හිතලා තියෙන්නේ මන් එයා කැමතියි කිව්ව එකට තරහ වෙලා කියලා.එයා දන්නේ නෑනේ මට තිබුන සතුට.
අපි දෙන්නා පස්සේ ඒක ගැන කතා කරාම එයා වැඩිය මුකුත් කිව්වේ නෑ.පස්සේ ලොකූගෙ මගුල් ගෙදරට ඇඳුම් ගන්න ගියාම එයා මට ලොකු ටෙඩියෙක් අරගෙන දීල එයාගේ ගර්ල්ෆ්රෙන්ඩ් වෙන්න ඇහුවා.මන් කොමද බෑ කියන්නේ.මමත් උඩ පැනලා හා කිව්වා.එයා මන් බෝඩිමේදී කැමතියි කිව්වම ගණන් ගන්නේ නැතුව හිටියේ මේකට තමයි.කොහොමහරි සද්ද නැතුව හිටියට හෙන රොමැන්ටික්.
එදා වෙඩින් එක ඉවර වෙලා ඇවිත් අපි දෙන්නටම හෙන මහන්සියි.මට කියා එක්ක ඉන්න ඕනි උනත් එදා අපි දෙන්න අපි දෙන්නගේ අපාර්ට්මන්ට් වලට ගියා.හොඳටම මහන්සි නිසා වොෂ් එකක් දාගෙන එහෙම්මම ඇඳට වැටුනා.
බායි නෙක්ස්ට් එකෙන් සමු වෙමු
මෙන්න මගෙන් බ්ලැක් හාටුවක් 🖤
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...