"චූටි මේ අහන්නකො අපි දෙන්නා ගමනක් යමුද "
"කොහෙද "
"ලොකූ ඔයාට කියන්නේ නැතුව අක්කෙක් ගෙනාවා කියලා තරහ වෙලා හිටියනේ "
"ඉතීම් "
"ඉතින් මේ පාර මන් ඔයාට තමයි මුලින්ම කියන්නේ "
"නෑ...."
"ඇයි මොකද "
"ඒ කියන්නේ ඔයාටත් දැන් කෙල්ලෙක් සෙට්ද "
"ඕඕ මේ පොඩ්ඩක් වැදගත් විදියට හැසිරෙනවා මගේ නම කන්නේ නැතුව එයාට තමයි උවමනාව ඔයාව හම්බවෙන්න."
"ශෝයිනේ "
"ඔව් ඔව් එයා ගෙදර එකම ළමයා නංගියෙක්ට ඉන්න එක ශෝයිලු ඔය වගේම ඔයාටත් මහලොකු අක්කෙක් ඕනෙනේ යමු දෙන්නගේ දොලදුක සංසිඳවා ගන්න "
" කීයටද යන්නේ මන් ගිහින් ලෑස්ති වෙන්නද "
"ඔව් ඉක්මනට එන්න මන් යනවා තව ටිකකින් "
පොඩීටත් කෙල්ලෙක් සෙට් වෙලා හරිනේ පොරටත් දැන් 28 කෙල්ලෙක් හිටියේ නැත්තම් තමයි පුදුමේ.එයත් ළඟදීම වෙඩිමක් අරගනියි.මන් තනිවෙන එකයි වෙන්නේ.
පොඩී එක්ක ආවා .ඒ අක්කනම් හරිම ෂෝක් අපි දෙන්න ගොඩාරියක් දේවල් කතා කරා දවසක දෙන්නත් එක්ක තනියම ඇවිදින්න යන්නත් කතා උනා.
කැම්පස් එකේ නිවාඩුව මාසයක්ම තියෙනවා පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳල ෂොපින් පාරක් එහෙම දාල හොඳට ඇවිදින්නයි හිටියේ.පහනි කිව්ව විදියට මන් දැන් මන් ගැන හිතනවා.
කවීන්ට මූණටම කිව්වා මන් කැමති නැහැ කියලා එයටත් එපාවෙන්න ඇති.දැන් එකත් ඉවරයි.
මන් ඔක්කොම අමතක කරලා දාලා මගේම ආච්චියි සීයයි වගේ හිටපු කියාරගේ ආච්චියි සීයයි බලන්න ගියා.එයාලාට මාව මතකයි ආච්චිටනම් ටිකක් ලෙඩත් වගේ කියාර ගැන මන් මතක් කලේ නැතත් ආච්චි මගෙන් කියාර ගැන ඇහුවා.එයාලනම් කිව්වේ ඉඳල හිතල විතරයි කතා කරන්නේ කියලා.
YOU ARE READING
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...