බැක් ටු ස්ටෝරි මිත්රවරුනි
පන්තියට ඇවිත් කාලා,එහෙම්මම ඔලුව තියාගෙන හිටියේ කවුරුහරි පන්තියට එනකම්.කවුරුත් ආවේ නෑ.දෙන්නෙක් ආවා ඇවිත් මොනවද අරගෙන ආයෙමත් ගියා.තව කෙනෙක් ආවා ඇවිත් මොනවද අරගෙන ආයෙමත් ගියා.
පස්ට කම්මැලි කමේ ඉද්දි ඔලුව උස්සලා බැලුවේ පන්තියට එනකොට නිදාගෙන හිටපු යස්සයා ඇහැරිලද බලන්න.ඔව් ඇහැරිලා ඔහේ බලාගෙන ඉන්නවා.මේ යස්සනිට ලෙඩක්වත්ද.
මෙන්න තව ළමයි දෙන්නෙක් ආවා සිරික්කිය දාගෙන බලාගෙන හිටියේ අලුත් ළමයෙක් නිසා ඇවිත් කතා කරයි කියලා.පිස්සු හැදෙයි .අම්මන්ඩිලගේ ගෑස් බලහල්ලකෝ.
කවදාවත් නැතුව මේ විනාඩි විස්ස අවුරුදු විස්සක් වගේ ගෙවෙන්නේ ඇයි දෙවියනේ.ඉන්ටවල් එකත් ඉවර වෙලා.පස්වෙනි පීරියඩ් එක පටන් ගත්තා ළමයි පන්තියට ඇවිත් විනාඩි 10ක් විතර ගිහින් ටීචර් කෙනෙක් ආවේ නැති නිසා වෙන්න ඇති හැමෝම ගියේ ආයෙමත් එලියට.
කවුරුවත් කතා කරන්නෙත් නෑ.පන්තියේ කීප දෙනෙක් ඉන්නවා අහිංසක මාව ගානකටවත් ගන්නේ නැතුව.මටත් ගිහින් කතා කරන්න බැරි කොහෙවත් නැති මනෝවිකාර ලැජ්ජාවක් අද මට ඇවිත් සෙද්ද.
එතකොටම පන්තියට ආවේ ළමයි කිහිපදෙනෙක්.
"හායි අලුත් ළමයි.පන්තියේ කවුරුත් නැති එකේ හැමෝම පොඩ්ඩක් එලියට ගිහින් අපිට ඉඩ දෙනවද.පොඩි ප්රශ්නයක් තියෙනවා විසඳ ගන්න"
ඒත් එක්කම හිටපු අය නැගිටලා යන්න හැදුවට මන් එහෙම්මම හිටියේ මොකක්ද වෙන්නේ කියල බලන්න ඒත් පන්තියේ හිටපු එක ළමයෙක් ඇවිත් මට කිව්වේ එලියට යමු කියලා.මන් නැගිටලා එයාලත් එක්ක එලියට ගියා
මන් පිටිපස්ස හැරිලා බලපුවම අර යස්සයා එතනම ඔහේ ඉන්නවා.ආපු පස් දෙනාගෙන් දෙන්නෙක් පන්තියේ දොර ළඟ අනිත් තුන්දෙනා ඇතුලට ගියා.එක පාරටම දඩාස් ගාල මේසෙකට පයිනුත් ගැහුවා මැරයෝ වගේනේ.
පන්තියේ හිටියේ දහදෙනෙක් විතර අපි දහදෙන එලියට ඇවිත් බලාගෙන ඉද්දි අර දොර ළඟ හිටපු දෙන්නා හැමෝටම යන්න කිව්වා.කට්ටිය බෙදිලා යද්දී මට යන්න තැනක් නැතුව ඔහේ බලාගෙන හිටියා.එතකොටම සුදු බොලේ ඇවිත් මගේ අතින් ඇදගෙන ගියා.
"මන් දැක්කා නෙට්බෝල් අක්කලා ටික ආර්ට් එකට යනවා.අපිට ෆ්රී නිසා ඔයාව බලන්න ආවේ "
"ආ එතකොට ඒ නෙට්බෝල් අක්කලද"
"ඔව් එයාල යන්න කිව්වම කොහේ හරි යන්න "
"ඇයි ඒ "
"ඇයි ඒ අහන්නේ ඒ අය ආශ්රයට නොසුදුසු අය "
"හ්ම්ම්"
"මේ වගී ඔයාට මාව මතක නැහැ නේද "
"ඔයාව මතකයි.උදේ මාව පන්තියට ගෙනත් ඇරලුවේ ඔයානේ "
"ඒක අමතක උනොත් ගහන්න වටින්නේ.එහෙම නෙවෙයි මන් කියන්නේ ඔයාට මව මතක නැද්ද අනේ මන් නෙහාරා"
"නෙහාරා කව්ද නෙහාරා..හෆ්ෆා නෙහාරා හම්මෝ ඔයා කොහෙද මෙහෙ හලෝ "
"අපෝ වැඩක් නෑ මතකත් නෑ මන්නම් දැක්ක ගමන් අඳුර ගත්තා "
මෙන්න මගෙන් බ්ලැක් හාට්ටුවක් 🖤
ESTÁS LEYENDO
Light of my life (GL) COMPLETE
RomanceQuiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙදර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙ...