☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"විනාඩි දෙකයි තප්පර විස්සක් පරක්කුයි."
කැසර්ටා මාලිගාවට අඟල් දෙකක් හෝ ඊට අඩු ප්‍රමාණයක් විශාල වෘත්තාකාර ඉඩමක චතුරශ්‍රාකාරව නිම වී තිබුනු ජෝන් බංගලාව මධ්‍යයේ ස්ථානගත ප්‍රධාන දොරටුව විවෘත කරපු සේවකයා දොරටුව ඉදිරිපිට සිටගත් හුරුබුහුටි තරුණයා දෙසට තප්පරයක විමසිලිමත් බැල්මක් හෙලමින් දැනුවත් කලා.
"තප්පර විස්සක්?"
බංගලාවට ඇතුලු වෙමින් සිටි නවක තරුණයාගෙන් පිට වුනේ රහසක් මුමුණන ආකාරයේ හුළං පොදක් විතරයි.
ජෝන් බංගලාවට ඇතුල් වෙන්නත් පිට වෙන්නත් අවසර හිමි උනේ ජෝන් ජන්කුක්ට විතරක්ම නිසා බංගලාවේ නවාතැන් ගන්න ජීවින් ප්‍රමාණය රටේ පාලකයාවත් දන්නෙ නැතුව ඇති. ඇරත් ඉතාලිය සහ ලෝකය පුරා ලාබාලතම අති සාර්ථක ව්‍යාපාරකයා නමින් සමාජගත වූ ජන්කුක් පවත්වාගෙන යන ව්‍යාපාර ගණන් කරන්න බැරි තරම්. ජන්කුක් විසින් මාධ්‍ය ඉදිරියේ තැබූ වචන හේතුවෙන් මුලු ලෝකයක් විශ්වාස කල එක කාරණයක් උනේ විශාල භූමි ප්‍රමාණයක් සහිත ජෝන් බංගලාව තුල ජීවත් වන්නෙ ජන්කුක් සහ ඔහුගේ කෙලවරක් නැති සේවකයන් ප්‍රමාණය පමණක් යන්නයි.
උසස් පෙළට ගණිත අංශයෙන් මුහුණ දුන් කෙනෙකුට උනත් ශබ්ද කිරීමට අපහසු තරම් අප්‍රමාණ බිංදු සහිත මිලක වාහනයක් බාවිත කරන ජන්කුක්ව හැබහින් දැකීමට වාසනාවන්ත උනේ ඔහුගෙ සේවකයන් සහ අතිජාත මිත්‍රයා ඇරුනම මරණාසන්න අසරණයින් විතරයි. කොහොම උනත් සාමාන්‍ය ජනතාව අතර ජීවත ගෙවූ තරුණ පිරිස් නම් ජන්කුක් ඉදිරියේ අවසන් හුස්ම උනත් නිදහස් කරන්න ආසා උනා.
"කෙලින්ම තියන පඩිපෙළ නැගලා වමට හැරෙන්න. එතන තව පඩිපෙළක් පෙනෙයි. ඒක නගින්න එපා. වම් පැත්තෙ බිත්තිය ළඟින් පඩිපෙළ පහු කරන් යන්න. මීටර් පනහක් හෝ සීයක් ගිහින් දකුණට හැරිලා කෙලින්ම ගියාම හම්බෙන දහ අට වෙනි කාමරයට තට්ටු කරන්න. එක පාරකට වඩා එපා. මිස්ටර් ජෝන් සද්ද වලට අකමැතියි. මතක ඇතුව යන පාරේ තියන අඳුරු කාමර මග අරින්න."
අහෝ වීනස්!
පළවෙනිම දවස : මට මේ තැනට නෑවිත් ඉන්න තිබුනා..
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ වෙනස් නේද? මෙහෙම ලස්සන නැද්ද?
+ මේක නම් ළඟකදි අප්ඩේට් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා ;)
+ දිගටම ලියන්න කලින් ඔයාලගෙ අදහස බලන්න දැම්මේ. කොහොමද කියාගෙන යන්න ඉතිම්.
YOU ARE READING
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...