☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ලීස්!"
ප්‍රධාන දොර ඇරපු ජන්කුක් ලීසාව දැකලා පුදුම උනත් ඒ ගැන කතා කරන්න වෙලාව ගන්නෙ නැතුවම ලීසාව බදාගත්තා. ඔවුන් එකිනෙකාව නොදැක හිටියේ පොඩි කාලයක් උනත් ජන්කුක්ට ඒක ලොකු කාලයක් විදියට දැනිලයි තිබුනේ.
"අපි ආවා අලුත් කපල් එක බලන්න. වෙඩින් එකෙන් පස්සෙ හම්බුනේම නැහැනෙ?"
ජෝන් බංගලාව තුල පවුල් ජීවිතයක් ගත කිරීම ඇත්තටම අපහසු දෙයක් උන නිසා ජන්කුක්, ජිමින් සහ යුන්හි සමඟ ජෝන් බංගලාව තරම් නොවුනත් තරමක් විශාල, සාමාන්‍ය ජනතාව ජීවත් වෙන ප්‍රමාණයේ නිවසක් මිලදී ගෙන තිබුනා. ආරක්ෂාවට කීපදෙනෙක් නිවස වටා මුර කිරීමට යොදවා තිබුනත් ගෙදර වැඩපල සඳහා කිසිවෙක් ජන්කුක් අපේක්ෂා කලේ නෑ.
මේ වෙනකොට ජිමින්ගෙ හිත පවා ජන්කුක්ට නැමිලා තිබුනු නිසා ජන්කුක් ලීසාව බදාගත්තු එක ගැන ජිමින්ට ඊරිසියාවක් ඇති උනා.
"ඔහ් ටේහ්‍යුන්ග්!"
ලීසා අපි කියලා අදහස් කලේ කවුද බලන්න ඔලුව උස්සපු ජන්කුක් දැක්කෙ ලීසාට පිටිපස්සෙන් ඉන්න ටේහ්‍යුන්ග්ව. ජන්කුක්ගෙ කටහඬේ කේන්තියක් ගැබ්ව තිබුනේ නෑ කිව්වොත් බොරුවක්.
අප්පා කෙනෙක් විදියට අවුරුදු දාසයක තමන්ගෙ එකම දුවව දැලේ දාගත්තු ටේහ්‍යුන්ග් එක්ක කේන්ති නොගෙන කොහොමද?
"කූ.. අපි ටිකක් කතා කරමුද?"
ලීසා තමන්ගෙ හොඳම යාලුවා නිසා එලියේ තියන්නත් බෑ. ටේහ්‍යුන්ග් තමන්ගෙ තරහකාරයා නිසා ඇතුලට ගන්නත් බෑ. ජන්කුක් කල්පනා කරලා ක්ෂණික තීරණයකට එළඹුනා.
"ඇතුළට එන්න."
හොඳම යාලුවා ටේහ්‍යුන්ග්ටත් ඔහුගේ නැගණිය වූ ලීසාටත් ආචාර කරපු ජිමින් කිසියම් ආහාරයක් රැගෙන ඒමට පිටව ගියා.
සියලු කතාවන් ආගිය තොරතුරු මැද පීරිසි කිහිපයක් සමඟ තේපැන් ගෙනැවිත් දුන් ජිමින් ලීසාටත් ටේහ්‍යුන්ග්ටත් ඉදිරියෙන් අසුන් ගෙන සිටින ජන්කුක්ට වමින් අසුන් ගත්තා.
පැය බාගයක් පුරාවට හුවමාරු වූ වාද විවාද වල ප්‍රතිඵලය සුලු මොහොතකින් දැනුම් දීමට නියමිත බව ජන්කුක් ගැන හොඳටම දන්න ජිමින් තේරුම් අරගෙනයි හිටියේ.
"යුන්හිව එක්කගෙන එන්න."
කවුරුත් නොහිතපු විදියට ජන්කුක්ගෙ පිළිතුරු උනේ වචන තුනක් විතරයි. ඔහුගෙ අදහස ක්ෂණිකව වෙනස් විය හැකි බවද දැනගෙන හිටි ජිමින් ඉක්මනින් යුන්හිගෙ කාමරයට ගිහින් යුන්හිව පහළට එක්ක ආවා.
ටේහ්‍යුන්ග්ව දැකලා මදක් නොසන්සුන් උනත් තමන් සිටින තැන පවා මොහොතකට අමතක කරපු යුන්හි ටේහ්‍යුන්ග්ගෙ උකුල මත නැවතුනා.
"අයි මිස්ඩ් යූ අ' ලොට් ටේටේ!"
"යා!! ඈතට වෙනවලා දෙන්නම. මම තාම කැමැත්ත දුන්නෙ නෑ."
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
![](https://img.wattpad.com/cover/292491992-288-k511217.jpg)
YOU ARE READING
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...