☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ඉඳගන්න!"
ජන්කුක් භාවිත කරන කාර්යාල කුටියට ඇතුළු වූ ටේහ්යුන්ග්ගෙ බැල්මෙහි ගැබ්ව තිබුනෙ අවිනිශ්චිත බවක්. පෙර දින ජන්කුක් හමුවී සියල්ල කතාබහ කරගෙන තිබියදී නැවැත ලැබුනු ආරාධනාවට හේතුව ටේහ්යුන්ග්ට අනුමාන කරන්න බැරි උනා.
"හදිස්සියක්ද?"
"මැරේජ් එකට කලින් මට අත්තම්මාව බලන්න යන්න තියනවා. මම යන්නෙ මගෙ උපන් ගමට නිසා එක දවසින් එන්න වෙන්නෙ නෑ. තේරෙනවනෙ?"
ක්ෂණික සිතුවිලි ගලාගෙන එන තම මනස සමඟ ගැටෙමින් වෙනසක් නොපෙන්වා සිටීමට ටේහ්යුන්ග් දැඩි උත්සාහයක් දැරුවා.
"මගෙන් මොකද්ද වෙන්න ඕන?"
"යුන්හිව බලාගන්න. දවසක් තනි කලත් දෙකක් තනි කලත් ඊට වඩා එයාව තියන්න බෑ. කොහොමත් ඔයාලා දැන්ම අඳුනගන්න එක ලේසියි."
"එයා මාත් එක්ක ඉන්න කැමති වෙයිද?"
"කීයටවත් ලීසා එක්ක නම් තියන්නෙ නෑ. ලීසාව පරිස්සම් කරන්න තව කෙනෙක් ඕන."
"අ-අම් ජ්-ජන්කුක්.. ජිමින්ව තියාගත්ත කමක් නෑ නේ?"
"කොහෙත්ම බෑ! ජිමින් මාත් එක්ක යනවා. මට ආරක්ෂාවට කෙනෙක් ඕන. අනික ජිමින්ව මෙහෙ තියන්න බෑ. එයාට විසි දෙකයි. යුන්හිට දාසයයි. තේරෙනවනෙ? රිස්ක් එකක් ගන්න මම තවම ලෑස්ති නෑ ටේහ්යුන්ග්."
~ ඔයා මේ ගන්න හදන්නෙ ඊට වඩා බරපතළ රිස්ක් එකක් ජන්කුක්!
ටේහ්යුන්ග්ගෙ මුවින් පිට වූ මද සිනහව ජන්කුක්ගෙ දෙනෙත් වලට අහු වීමට පෙර මැකී ගියා. ඊළඟ තප්පර කීපය තුළ ටේහ්යුන්ග්ගෙ මතකයට ආවේ ජිමින් ඉන්නෙ ජන්කුක් බාරයේ නොව තමන් බාරයේ බවයි.
"ජිම්-"
"ඉතින් ඔයා යුන්හිට කාඩ් එකක් යැව්වද?"
ටේහ්යුන්ග්ගෙ මනස තුළින් එළියට පනින්න හදන ප්රශ්නය තේරුම් ගත් ජන්කුක්ට මාතෘකාව වෙනස් කරන්න ඕන උනා.
"ඔහ් ඒක යුන්හිව යාළු කරගන්න පොඩි ට්රයි එකක්. එයා මට කැමති නෑ. දන්නවනෙ? ඔම්මා කෙනෙක්ට වඩා යාලුවෙක් උනොත් එයා කැමති වෙයි."
"ඔයාට මම නැති දවස් වල ඒක කරගන්න පුළුවන් වෙයි. ගුඩ් ලක් ටේහ්යුන්ග්!"
~ තෑන්ක්ස් මෝඩ ජෝන් ජන්කුක්..
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
![](https://img.wattpad.com/cover/292491992-288-k511217.jpg)
VOUS LISEZ
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...