☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"අනෙ දෙයියනේ මේ කිම් ටේහ්යුන්ග් නේද?"
සෝහ්යුක්ගෙ උදව්වෙන් වෙන් කරගත් ප්රවේශ පත්ර වලින් කොරියාවට ඇවිත් නම්සන් බලන්න ගියපු ටේහ්යුන්ග් ඊළඟට ජිමින්ව එයාගෙ හැල්මොනි හරාබොජි ජීවත් වෙන නිවසට එක්ක ආවා.
"කෑගහන්න එපා ආච්චම්මා. මේ ඔය කියන කවුරුත් නෙවෙයි."
අවුරුදු ගානක් මග ඇරිලා තිබුනු හරාබොජිගෙ උණුහුමට තුරුළු උන ජිමින් හැල්මොනිගෙ පෙර පුරුදු වල වෙනසක් නැති වග තේරුම් ගත්තා. නමුත් ජිමින්ගෙ වචන ටේහ්යුන්ග්ට ගෙනාවේ ප්රශ්නාර්ථයක්.
~ ඇයි ජිමින් එහෙම කිව්වේ?
හැල්මොනිගෙ කට ගැන ටේහ්යුන්ග් දන්නවා නම්?
"බලන්න මේ කොල්ලා ගොඩක් හුරුබුහුටියි."
හැල්මොනි ටේහ්යුන්ග්ගෙ කොපුල් වල අත් රදවමින් දෙපැත්තට අදින්න ගත්තේ ඒක එයාට රිදෙන බව දැන දැනම උනත් එයාගෙ අරමුණ ටේහ්යුන්ග්ට රිද්දන එක නෙමෙයි.
"ආච්චම්මා!"
"මොකද? බැරිද මට මේ දිගන්චියව දීලා යන්න? මෙහෙම හිටියට මමත් ඒ කාලෙ උසයි. දැන් කොට වෙලාද මන්දා? උඩ රාක්කවල තියන බඩු වලට උස මදි."
"ඔය හදන්නෙ ඔයාට උස මදියි කියලා හිතෙන බඩු ගන්න ටේහ්යුන්ග්ව උදව්වට තියාගන්න නම් මට විශ්වාසයි හරාබොජි ඒක ටේට වඩා හොඳට කරලා දෙයි."
ජිමින් ටේහ්යුන්ග්ගෙ උරහිස් වලින් අල්ලලා පහතට තද කරේ විසිත්ත කාමරයේ තිබූ සෙටිය හැල්මොනිගෙ අලුත් බලු කුක්කාගෙ බව දැනගෙන නෙමෙයි.
"ඒයි! ඕක ජෙනීගෙ."
"ජෙනී? මෙහෙ ගෑණු ළමයෙකුත් ඉන්නවද?'
"ජෙනී කියන්නෙ මගේ අලුත් කුක්කාගෙ නම ජිමින්."
"ඔහ් ආච්චම්මා! තවමත් බලු විසේ අඩු නැද්ද?"
කතාව තේරෙමින් එනකොට ටේහ්යුන්ග් විදුලිය වැදුනු වවුල් පැටියෙක් වගේ සෙටියෙන් කෙලින් උනා.
"පුතා ජොබ් එකක් හොයාගත්තද?"
"මොනවද ආච්චම්මා අහන්නෙ? එකක් හොයාගෙන ඒකෙන් අයින් වෙලත් ඉවරයි. ආච්චම්මාට විස්තර අහන්න මතක් වෙන්නෙ අපිව දැක්කම තමයි."
හිටගෙන ඉන්න හේතුවක් නැති නිසාම ටේහ්යුන්ග්ව ඇදගෙන ගියපු ජිමින් කෑම මේසෙට බර උනා.
"කොහෙද ඉතින් හොයාගත්තෙ? ඇයි අයින් උනේ?"
"මම ජෝන් ජන්කුක් ළඟ වැඩක් හොයාගත්තා. එතන ඉන්න අමාරුයි."
"කාලය මැවූ වෙනසක අරුමේ කිව්වලු. ජන්කුක් කියන්නෙ අර එහා ගෙදර පොඩියට හිටි කොලුවා නේද?"
"හහ්?"
"පුතාලට කියන්න ජන්කුක් මට සැලකුවේ එයාගෙ හැල්මොනිට වගෙ. සමහරවිට ඊටත් වඩා හොඳට. ඒ කොලුවට කොරියාව එපා වෙලාද කොහෙද? හේතුවක් නොකියා ඉතාලිය හොඳයිද ඇහුවා. අලුතෙන් ජීවිතය පටන් ගන්න උවමනයි කීවම මමත් නොකරපු දෙයක් නෑ. හදන්න බැරි වරදක් උන බව කීප වතාවක්ම කොලුවගෙ කටින් පිටවුනා. මොකද්ද කියන්න අදටත් දන්නෙ නෑ. ඕකා ගැන රූපවාහිනියෙ කියනකොට මට හරි ආඩම්බරයි දරුවෝ. මාව බලන්න එනවා කියලමයි කීවේ."
~ ජන්කුක් නරක කෙනෙක් නෙමෙයි වගේ?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
![](https://img.wattpad.com/cover/292491992-288-k511217.jpg)
YOU ARE READING
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...