☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
~ දවස් දෙකකට පැරිස් යනවා.
~ උදේට දවල්ට රෑට කෑම ගන්න විතරක් රූම් එකෙන් එලියට ආවාම ඇති.
~ දෙවනි වතාවටත් කියනවා ඉස්සරහා රූම් එකට යන්න එපා.
~ මම නැති උනත් මගෙ නීති තියෙනවා.
~ එකක් හරි කැඩුවොත් ඒ අදාල දඬුවමට ලෑස්ති වෙනවා.
ජන්කුක් පැරිස් වලට පිටත් වෙලා දවස් දෙකක් ගත වීම හේතුවෙන් අද දවස තුල මොනයම් හොරාවක ඔහුගෙ පැමිණීම බලාපොරොත්තු විය හැකි බව මතක් වූ පාර්ක් ප්රධාන දොරටුව හොඳ හැටි පෙනෙන තැනක් වූ සඳරුතලය මුල්ලට වී කල්පනා සාගරයක මිදුනා.
ජන්කුක් යන්න කලින් වෝර්න් කරපු වචනයක් ගානේ රේකෝඩ් කරගත්තු රෙකෝඩර් එක චූටි අත් වලින් ඔතාගෙන ප්ලේ වෙන්න ඇරලා සඳරුතලය මුල්ලට ගුලි වෙන ගමන් හිටි පාර්ක් නොදැනුවත්වම නින්දට වැටුනා. නිරුවත් වෙන්න තරම් අවදානමක් ගන්න බැරි නිසාම පාර්ක් එයා එනකොට ගෙනාපු බඩු මල්ල තුලින් අහම්බෙන් වගේ හමුවුණු රෙකෝඩරය පාවිච්චියට ගන්න තීරණය කරලා තිබුනා.
~ දවස් දෙකකට පැරිස් යනවා.
~ උදේට දවල්ට රෑට කෑම ගන්න විතරක් රූම් එකෙන් එලියට ආවාම ඇති.
~ දෙවනි වතාවටත් කියනවා ඉස්සරහා රූම් එකට යන්න එපා.
~ මම නැති උනත් මගෙ නීති තියෙනවා.
~ එකක් හරි කැඩුවොත් ඒ අදාල දඬුවමට ලෑස්ති වෙනවා.
රෙකෝඩරය නොනවත්වාම ප්ලේ වෙමින් තිබුනා. දවස් දෙකට, පැය හතලිස් අටට, විනාඩි දෙදාස් අටසීය අසූවට, තප්පර එක්ලක්ෂ හැත්තෑ දෙදාස් අටසීයට, එයාගෙ ඔලුව ඇතුලෙ දැවෙන ප්රශ්න කීපයක්ම තිබුනා.
~ කිම් ටේහ්යුන්ග් කියන්නෙ ප්රසිඩන්ට් කිම් සෝහ්යුක්ගෙ පුතා නේද?
~ කිම් ටේහ්යුන්ග් ජන්කුක් එක්ක මොනවද කරන්නෙ?
~ කිම් ටේහ්යුන්ග් ජන්කුක්ගෙ යාලුවෙක් වෙන්න ඇතිද?
~ කිම් ටේහ්යුන්ග් මේ තරම් කඩවසම් උනේ රජ සැප විඳින නිසාද?
~ කිම් ටේහ්යුන්ග් ජන්කුක් එක්ක පැරිස් ගියේ මොකටද?
~ කිම් ටේහ්යුන්ග් ජන්කුක් වගේම නපුරුද?
~ කිම් ටේහ්යුන්ග් ඇයි මට නිරුවත් වීමේ මහා දඬුවමින් ගැලවෙන්න උදව් කරේ?
~ කිම් ටේහ්යුන්ග් හැමදාම මෙහෙ එනවද?
~ කිම් ටේහ්යුන්ග්;
~ කිම් ටේහ්යුන්ග්?
~ කිම් ටේහ්යුන්ග්!
කෝටියක් ප්රශ්න තිබුනත් කාගෙන් කියලා අහන්නද?
~ දවස් දෙකකට පැරිස් යනවා.
~ උදේට දවල්ට රෑට කෑම ගන්න විතරක් රූම් එකෙන් එලියට ආවාම ඇති.
~ දෙවනි වතාවටත් කියනවා ඉස්සරහා රූම් එකට යන්න එපා.
~ මම නැති උනත් මගෙ*
"පාර්ක්!!!"
~ *නීතී තියෙනවා.
~ එකක් හරි කැඩුවොත්*
"යාහ් පාර්ක් ජිමින්!!!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ESTÁS LEYENDO
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanficEvery night and every day, I try to make you stay...