☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"කිම් ටේහ්යුන්ග්! මට කියනවා එදා මොකද උනේ? ඔයා කරදර කලේ නෑ කියනවා මිසක් වෙන කිසි දෙයක් යුන්හි කියන්නෙ නෑ. ජන්කුක් එක්ක කතා කරන්නෙත් නැහැලු. තමුන් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. මොනවද මේ වෙන්නෙ?"
ජිමින් නළල මිරිකන ගමන් ටේහ්යුන්ග්ගෙ කාමරය පුරා ඇවිදින්න ගත්තා. යුන්හිට කතා කරලා බංගලාවෙන් ආපු වෙලේ ඉඳලා ළඟදිම මැරේජ් එකක් ගන්නවා කියන එක වෙනුවට ජිමින්ගෙ ඔලුවේ වැඩ කලේ යුන්හිට මොකද උනේ කියන එක.
ඔම්මා වෙන්න හිටියේ ටේහ්යුන්ග් උනත් මේ යන විදියට ඔම්මා වෙන්නෙ ජිමින් බව යුන්හිට පවා තේරුම් ගන්න අමාරු උනේ නෑ සහ ඒකට අකමැත්තක් තිබුනේ ජිමින්ගෙ විතරයි.
"ඔයා යුන්හිට කතා කරාද? ඇයි එයා අඬන්නෙ?"
~ මේ යකාගෙ කට ඇරෙන්නෙ යුන්හි ගැන කිව්වොත් විතරද? මෙච්චර දවසක් ගොළුයි වගේ හිටියා!
"එයා අඬන්නෙ ජන්කුක් ඔයාට කෑගහපු නිසාලු. කරදරයක් කලෙත් නැත්නම් මොකද්ද එතන උනේ?"
"මුකුත් නෑ."
මුරණ්ඩු පොඩි ළමයෙක් වගේ ටේහ්යුන්ග් එයාගෙ මූණ කොට්ටේ අස්සෙ ඔබාගත්තා.
"ඔය ඉතින්. බෑ නෙ කරන්න. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නෙ? හරි ඒකත් කමක් නෑ. ඉක්මනටම මට ජන්කුක්ව මැරි කරන්න වෙයි. තමුන්ලගෙ වැඩ නිසා තමයි ඔක්කොම. ලස්සන කොල්ලෙක් බැඳගෙන නිදහසෙ ඉන්න ලියවිච්ච ජීවිත මේවා. වාවන්නෙ නෑ දෙයියනේ!"
ටේහ්යුන්ග් විදුලි වේගෙන් කෙලින් උනා.
"ඔයා? මැරි කරන්න? නාකි ජන්කුක්ව?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ESTÁS LEYENDO
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanficEvery night and every day, I try to make you stay...