♡ 29

313 99 18
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"අපි මැරි කරමුද බබා?" 

තඹ පැහැ හිසකේ සහිත කඩවසම් තරුණයා අවුරුදු නවයක් පුරාවට තම පෙම්වතිය වූ කිම් ලීසා සමඟ ආදරණීය බස් හුවමාරුවක නිරත උනා.

"තව අවුරුද්දක් ඉවසමු බිනී. මම හොඳටම දන්න දෙයක් තමයි, එක වහලක් යට ජීවත් වෙන්න ගත්තම පිරිමි වෙනස් වෙනවා!"

ලී සූබින් නොහොත් තමන් විසින් සූබිනී, බිනී වැනි නම් වලින් අමතනු ලබන තම පෙම්වතාට මුහුණලා හිටගත් ලීසා ඔහුගෙ ගෙල වටා අත් යවමින් දෙදෙනා අතර තිබූ විශාල ඉඩ අවම කරගත්තා.

"ඔයාට මාව විශ්වාස නැද්ද ලීස්?

"කොච්චර විශ්වාස උනත් ඔයත් පිරිමියෙක් බබා."

ලීසා ඔලුව පැත්තට ඇල කරමින් සූබින්ගෙ කළුට හුරු තද නිල් පැහැ දිගැටි ඇස් වලට එබුනා.

"අවුරුදු නවයක් ඇතුළත එහෙම කිසිම දෙයක් උනාද?"

"ආදරේ කරන කාලෙ එහෙම වෙන්නෙ නෑ බිනී. ඒකයි මේ කාලේ පුලුවන් තරම් වැඩි කරගන්න උත්සාහ කරන්නෙ. මම ආසයි ඔයාගෙ ආදරේ තව කාලයක් විඳින්න!"

"මැරි කරාම අපි තවත් කිට්ටුයි නෙ ලීස්?"

"දරුවෙක් ලැබුනම මට දෙන ආදරේ අඩු නොවෙයි කියලා ඔයාට දිවුරන්න පුළුවන්ද?"

සූබින් යොමු කරපු ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයකින් පිළිතුරු ලැබුනම තමන් ගැන තිබුනු විශ්වාසය අඩු නොවුනා කිව්වොත් බොරුවක්.

විවාහය පිළිබඳ ඇති වූ සංවාදය අවසන් කිරීමට ඉඩ නොතියා ලීසාගෙ දුරකතනය නාද වෙන්න ගත්තා.

'කියන්න කුක්?'

'ස්-සිටි හොස්-පි-ට්ල් එ-එකට! ප්-ලී-ස් ල්-ලීසා! ප්-පු-ළු-වන් ඉ-ක්මනට එ-එන්-න!'

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ මොකද උනේ? *-*

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now