☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ටේහ්යුන්ග්!!"
ජිමින්ගෙ මුරන්ඩුකම එක්ක තමන්ට හැරෙන්නවත් හැකියාවක් නැති බව තේරුම් ගත් ජන්කුක් කොරියාවේ සංචාරය දවස් දෙකකට සීමා කරගෙන තිබුනා.
පැය හතලිස් අටක් අධික ලෙස ඉවසීම ප්රගුණ කරමින් ගෙවා අවසානයේ තම නිවස වන ජෝන් බංගලාව කරා පැමිණි ජන්කුක්ට දකින්න ලැබුනේ අවුරුද්දට දැකපු නරකම දේවල් වලින් එකක් බව නිගමනය කරන්න පවා පුළුවන් උනා.
"ජ්-ජන්ක්-"
යුන්හිව තුරුළු කරගෙන හිටපු ටේහ්යුන්ග්ගෙ ඇස් ජන්කුක්ගෙ කේන්ති පිරුණු ඇස් වල පැටලෙනවත් එක්ක ටේහ්යුන්ග් නොදැනුවත්වම ඇඳ උඩ දණ ගැහුවා.
"බැහැපන් එළියට!"
ටේහ්යුන්ග් තමන්ට අවුරුදු කීපයක් වැඩිමල් වීම නිසා මීට පෙර කිසිදාක උස් හඬින් කතා කිරීමට තරම් ශක්තියක් ඇති නොවී තිබුනත් මෙවර ටේහ්යුන්ග් වරද කලේ තමාට පමණක් නොවන බව මතක් කරගත් ජන්කුක් යුන්හිට වෙන් වූ විශාල කාමරයේ දොර දිහාට ඇඟිලි දිගු කලා.
"ජන්කුක් මම-"
"බැහැපන්!"
බොරුවක් ගොතා ගැනීමට හෝ කාලයක් නොලැබීම ගැන පසු තැවීමක් ඇති වූ ටේහ්යුන්ග් ජන්කුකගෙ කවදාවත් නොදැකපු රත් පැහැ ගෙන ඇති දෑස් මග අරිමින් හිස නවා පිටව ගියා.
"මැණික.."
තවත් කාලය නොයවා යුන්හිට කිට්ටු වූ ජන්කුක් තම උණුසුම් පපුවට යුන්හිව තුරුළු කරගත්තා.
"අ-අප්පා ට්-ටේ-"
"මුකුත් කියන්න එපා බබා. මම හැමදේම දැක්කා. ආයෙ එයාට ඔයාට කරදර කරන්න තියා ළං වෙන්නවත් අප්පා ඉඩ තියන්නෙ නෑ හරිද? මට එහේ නොගිහින් ඉන්නයි තිබුනෙ. සොරි යූ.."
~ ගෝඩ්! අප්පා හිතන්නෙ ටේහ්යුන්ග් මට කරදර කරා කියලද?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
+ හැපි නිව් ඉයර් එකක් වේවා! :))
+ මේ ලියන එක චැප්ටර් එකක්වත් මගේ හිතට හරි නෑ නෙ. මොකද කරන්නෙ?
+ තව කාටද එහෙම හිතෙන්නෙ?
أنت تقرأ
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
أدب الهواةEvery night and every day, I try to make you stay...