♡ EPILOGUE

541 109 70
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"හැපි ට්වෙන්ටියත් බර්ත්ඩේ යූ!!"

ජෝන් බංගලාවට අයිති අක්කර ගානක විශාල හතරැස් ඉඩමේ වම් කොණට වෙන්න නාදුනන සෙනගකට මැදිව හිටපු යුන්හි එයාගෙ අලුත් ඔම්මා ජිමින්ගෙ අත් අතරට වෙලා හිනා උනා. තමන්ගෙම නොවුනත් යුන්හිව හදාගත්තු ජිමින්ට කෙල්ලගෙ විසි වෙනි උපන්දිනය විශේෂ විදියට පෙනුනා. දැනට යුන්හිට ඒක තවත් එක උපන්දිනයක් උනාට ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ උපන්දින සාදය සංවිධානය කරපු ජන්කුක්ම විතරයි.

පළවෙනි වතාවට ලෝකයටම පේන්න සමරන උපන්දිනයට පැමිණ සිටි විවිධ ධනපතියන්ගේ හා උසස් නිලධාරීන්ගේ සුබපැතුම් මැද මවාගත් සිනහවකින් පෙනී හිටියත් යුන්හිගෙ හිත ප්‍රශ්න ගොඩක පැටලිලා තිබුනා.

ටේහ්‍යුන්ග්ව මුණගැහීමට තහනම වැටිලා අවුරුදු හතරක් ගත වෙලා!!

සීයක් දෙසීයක් කියලා කියන්න බැරි තරම් සෙනගක් මැද්දේ යුන්හි බලාපොරොත්තු උන ඒ ඇස් තිබුනේ නෑ. නමුත් ටේහ්‍යුන්ග්ගෙ නැගණිය ලීසා, ටේහ්‍යුන්ග්ගෙ පියා සෝහ්‍යුක් වගේම මව යේජි පවා සාදයට පැමිණ ටේහ්‍යුන්ග් පමණක් නොමැති වීම යුන්හිට දරාගන්න පුළුවන් දෙයක් උනේ නෑ. ගොඩක් ලොකු කාලයක් ගෙවිලා තිබුනත් අවුරුදු දාසයේ තිබුනු අහිංසක හිත අදටත් යුන්හි ළඟ නොවෙනස්ව තිබුනා.

යුන්හි ටේහ්‍යුන්ග් ගැන බලාපොරොත්තු තියාගන්න එකම හේතුව උනේ අවුරුදු හතරකට පෙර දවසක යුන්හිගෙ කනට ඇහුනු ජන්කුක්ගෙ හා ටේහ්‍යුන්ග්ගෙ දුරකථන සංවාදය.

'ඔය තහනම අස් කරගත්තෙ නැත්නම් මම යුන්හි එක්ක පැනලා යනවා.'

'පොඩි එකෙක් වෙන්න හදන්න එපා මිනිහෝ! ඒක වලංගු වෙන්නෙ ටික කාලෙකට විතරයි. දාසය කියන්නෙ ආදරේ කරන්න වයසක්ද?'

'එතකොට තමුසෙ ළමයෙක් හදාගත්තෙ දාසයෙන් නෙමෙයිද?'

'මට වැරදුනා කියලා මගේ දරුවටත් වරදින්න ඕනද? අනික තමුසෙ වගේ නාකියෙක්ට දුවව දෙන්න මීට වඩා හිතන්න ඕන.'

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Donde viven las historias. Descúbrelo ahora