♡ 06

501 145 14
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"මම කියන විදියට කරනවා!"

ටේහ්‍යුන්ග්ගෙ දිග ඇඟිලි සමඟ මහත අත්ල ලොකු ආවේගයකින් ජන්කුක් වැඩ කරමින් හිටි මේසය මත පතිත උනත් ඊට වැඩි ශබ්දයකින් දොරට වදින තට්ටු වලට අවදානය යොමු කරපු ජන්කුක් ටේහ්‍යුන්ග්ව නොසලකා හැර සුඛෝපභෝගි ජීවිතයේ ප්‍රථම වරට තමන් විසින්ම දොර විවර කලා.

"හායි ජන්කුක්.."

කාමරය තුල හිටි ටේහ්‍යුන්ග්ගෙ දෑස් වලට අසු උනේ දොරට පිටින් ඇවිත් ජන්කුක්ගෙ කර වටා එතුනු පැහැපත් අත් දෙක විතරයි උනත් ඒ තමන්ගෙ සහෝදරිය බව කටහ‍ඬින් ඔහුට අවබෝධ උනා.

"හේයි ස්වීටී.."

දෙදෙනා අතර ඇති හිතවත් සම්බන්දය ටේහ්‍යුන්ග්ට පැහැදිලි කරවමින් ජන්කුක්ද කිසි පැකිලීමකින් තොරව ආපිට ඇයව තුරුළුට ගත්තා. 

"ඔයා මෙතන මොනවද කරන්නෙ ලීසා?"

"ඔහ්! ටේහ්‍යුන්ග්. අපිට කතා කරන්න දෙයක් නෑ."

ජන්කුක්ගෙ වයසෙම උන ලීසා තමන්ට ගරු නොකරන එකටත් නොසලකා හරින එකටත් ටේහ්‍යුන්ග් පුරුදු වෙමින් හිටියා. ටේහ්‍යුන්ග්ට වැඩියෙන් බාලයා කීකරුව හැදුනු නිසාම ඒක ටේහ්‍යුන්ග්ගෙ අඩුවක් විදියටයි සෝහ්‍යුක්ට පෙනුනේ. නමුත් අප්පා රාජ්‍ය නායකයා වීම සෙල්ලක්කාර ජීව්තයක් ගත කරන ටේහ්‍යුන්ග්ට සම්පූර්ණ පාඩුවක් බව සෝහ්‍යුක් තේරුම් ගත්තෙ නෑ.

පියා සමඟ ඇති වන ගැටුම් හා එක කුස උපන් සහෝදරිය වූ ලීසා ළඟක සිට තමන්ව ප්‍රතික්ෂේප කිරීම හේතු කරගෙන ටේහ්‍යුන්ග් ජීවත් උනේ ගෙදරින් පිට. 

"මම ජිමින්ව එක්ක යනවා."

ලීසා වගේම ජන්කුක්වත් මගාරිමින් ටේහ්‍යුන්ග් ජිමින්ගෙ කාමරයට පිටව ගියා. ටේහ්‍යුන්ග් නොපෙනී ගිය පසු හිර කරගෙන හිටි හිනාව එලියට පැනපු නිසා ලීසාගෙ කකුල් වාරු නැතුව බිමට වැටුනා. ලැබුන අවස්ථාව ප්‍රයෝජනයට ගත්තු ජන්කුක් සිහින් හිනාවක් පා කරමින් ක්ශනිකව බිමට වී ලීසාගෙ උකුලෙන් ඔලුව තියාගත්තා.  

"ඉතින් කොහොමද පැරිස් වල ඩොක්‍යුමන්ට්‍රි එක?"

"හැමදේම සක්සස් බබී." 

හිසකෙස් අතරින් යන ලීසාගෙ දිගම දිග ඇඟිලි නිසා දැනුනු සැහැල්ලුවත් සමඟ ජන්කුක්ගෙ ඇස් පියවුනා.

"ඒක නෙමෙයි කවුද ජිමින්? ඇයි ටේහ්‍යුන්ග් එයාව එක්ක යන්නෙ?"

"ගෙන්න ගත්තට එයාට දෙන්න තරම් මගේ ගාව වැඩ ඉතුරු වෙලා නෑ. එයා ටිකක් සොෆ්ට් කෙනෙක් වගේ. මගේ රූල්ස් එයාට හරියන්නෙ නෑ."

"ඔහ්! ටේහ්‍යුන්ග් එයාගෙ වැඩට එක්ක යනවා ඇති. එහේ දැනට කවුරුත් නෑ නෙ."

"බබී ඔයා ටේහ්‍යුන්ග්ට කතා කරන විදිය වෙනස් කරන්නෙ නැද්ද?"

ඇස් වහගෙන තොල් හොලවන ජන්කුක් දිහාට අවදානය දුන්නු ලීසාට දැනුනේ නිහතමානී සතුටක්. 

"එයා මේකට කැමති වෙන්න ඕන කුක්."

ටේහ්‍යුන්ග්ට වෙනස්කම් කරන්න ගත්තු මුල් දවස මතක් කරමින් ලීසාත් ඇස් පියාගත්තා.

"ඇත්තටම ඇයි ටේහ්‍යුන්ග් අකැමැති?"

"එයා ප්ලේබෝයි ටයිප්."

"එයාගෙ නිදහස සීමා කරන්න මටත් ඕන නෑ ලීස්. එයා මට කැමති නෑ තමයි. මම කොරියාව අතෑරලා ආපු විදිය ඔයාට මතකද? මේ හැමදේම ඔයාගෙ අප්පා නිසා. ඔයා නිසා. තේරෙනවනෙ?"

"අප්පා ඔයා අකමැති දෙයක් නම් කරන්නෙ නෑ කුක්."

ගෙවෙන තප්පරයක් ගානෙ බංගලාව පුරාවට ඇහෙන්න තිබුනේ ජන්කුක්ගෙ හා ලීසාගෙ හීනී හඬවල් විතරයි.

"මම දන්නවා ලීසා ."

"කෝ මගේ කෙල්ල?"

"අහ් ඉස්සරහා රූම් එකට ශිෆ්ට් එකක් දුන්නා."

"හදිස්සියේ?"

"කලර් වොශ් කරලා අලුත් ෆර්නික්චර් ටිකක් දැම්මා. එයාගේ චොයිස් එක චේන්ජ් වෙලා වගේ."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ කමෙන්ට් කරන අයට ගොඩාරියක් ආඩලෙයි ඔඳේ (✿ ♥‿♥)

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Donde viven las historias. Descúbrelo ahora