♡ 35

506 108 53
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"හරි අප් මිනී! ත්‍රී මෝ පෑන්කේක්ස්!"

මොහොතකට පෙර ටේහ්‍යුන්ග්ගෙ උකුලට පැනපු යුන්හිව ටේහ්‍යුන්ග් ළඟින්ම වාඩි කරපු ජන්කුක් ටේහ්‍යුන්ග්ට ඉස්සරහින් ඉඳගත්තෙ ජිමින්ට යුන්හි ඉස්සරහා ඉඳගන්න ඉඩ තියලා.

ලීසා ටිකක් එහාට වෙන්න ඉඳගෙන වපර ඇහැ දැම්මේ වෙමින් තිබුනු කිසිවක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක නැති නිසයි. ජන්කුක් අත් දෙක පටලවගෙන ජිමින්ගෙන් පෑන්කේක්ස් ඉල්ලනවා. ජිමින් ගෙනත් දෙනවා. ජන්කුක් ඒවා ටේහ්‍යුන්ග්ට එකයි යුන්හිට එකයි ගානෙ බෙදනවා.

බෑනට සලකන්නවත් හිතිලද?

~ පව් ටේහ්‍යුන්ග් ඔප්පා!

ටේහ්‍යුන්ග් තමන්ගෙ සහෝදරයා නිසාම ටේහ්‍යුන්ග් ගැන ඕනවටත් වඩා ලීසා දැනගෙන හිටියත් මේ වගේ දේවල් ටේහ්‍යුන්ග්ගෙන් දකින්න පුළුවන් වෙලා තිබුනේ නෑ.

ටේහ්‍යුන්ග් එයාගෙ අවුරුදු තිස් පහක සම්පූර්ණ ජීවිතේ පුරාවටම ආදරය කරා නම් කරේ පොඩි කෙල්ල යුන්හිට විතරයි! ආදරය සම්බන්ද ටේහ්‍යුන්ග්ගෙ බහුතරයක් හැසිරීම් ලීසාට පවා අලුත් උනා.

සතෙකුට අන්ත විදියට පස්සෙන් එන්න තරම් එතන තියන ආදරය කොච්චරක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක ලීසාට ගොඩක් බර වැඩි උනා. මීට කලින් ටේහ්‍යුන්ග් ජීවත් උනු විදියත් එක්ක මේක කොයි තරම් ලොකු වෙනසක්ද කොයි තරම් සුන්දර වෙනසක්ද කියලා ලීසාට  පෙනුනා. එහෙම නොපෙනුනා නම් අද මේ ගමන නෑවිත් ඉන්නත් තිබුනා.

ජන්කුක්ට වෙනසක් නැතුවම මේ දේවල් දැනුනත් ටේහ්‍යුන්ග් ආදරය කරේ වැරදි කෙනාට කියන එක ජන්කුක්ගෙ ඔලුවෙන් අයින් කරන්න බැරි උනා.

අප්පාව බඳින්න හිටපු කෙනා දුවට ආදරය කරන්න තරම්?

ඒක පහත් වැඩක් කියලයි ජන්කුක් හිතුවේ.

~ අප්පාට මොනා වෙලාද?

යුන්හි ඊට වඩා දෙයක් හිතන්න කාලය නාස්ති කලේ නෑ. එයාට ජන්කුක්ගෙ හැසිරීම විතරක් පුදුමයෙනුත් පුදුමයට පත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. මොන අප්පාද තමන්ගෙ දුවගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ඇවිත් මෙහෙම කන්න දෙන්නෙ?

"වන් මෝ!"

නව ජෝන් නිවස තුල පිරෙන නිශ්ශබ්ද‍ය බිඳින්න පුළුවන් උනේ ජන්කුකට විතරයි. මොකද ටේහ්‍යුන්ග්, යුන්හි, ජිමින් සහ ලීසා, නොදන්න හේතුවකට බය වෙලා. ටේහ්‍යුන්ග් එක්ක මේ තරම් සුහදත්වයක්! බය වෙන්න තවත් හේතු මොකටද?

"මිනී ඔයත් එන්න."

අන්තිම පෑන්කේක් එකත් හදලා ගෙනත් දුන්නු ජිමින්ව ළඟට ඇදලා වාඩි කරගෙන ජන්කුක් ලෑස්ති උනේ ලොකු වයස් පරතරයක් තිබුනු නොගැලපෙන ලව් බර්ඩ්ස්ලා දෙන්නට අවසන් තීරණය දෙන්න.

"මිස්ටර් ටේහ්‍යුන්ග් ඇන්ඩ් මිස් යුන්හි, ආයෙ මීට් වෙන්න හිතන්නවත් එපා! මේක පළමු සහ අවසාන වතාව වෙන්න ඕන." 

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

+ මේක ලියලා ඉවර කරලා දවස් පහක් වෙනවා. බක බක ;)

sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ