☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"දන්නවද?"
අඩ අඳුරේ තිබුනු ජන්කුක්ගෙ නිදන කාමරයට එලියක් ආවා නම් ඒ ජනේලෙන් විතරයි. ජන්කුක් අඳුරු පාට වලට වගේම කරුවලටත් ගොඩක් ආස කරපු බව ජිමින්ට දැනගන්න පුළුවන් උනේ ජෝන් ජිමින්, නැත්නම් ජන්කුක්ගෙ බිරිඳ විදියට ජෝන් බංගලාවට අයිතිවාසිකම් කියන්න ලැබුනට පස්සෙ.
"මොකද්ද?"
ඇඳුමක් හොයමින් රෙදි අතර මූන ඔබාගෙන හිටපු ජිමින්ගෙ වතුර බේරෙන තෙත කොණ්ඩය දිහාවට බැල්මක් හෙලපු ජන්කුක් තම දෑත් ජිමින්ගෙ ඉන වටා ඔතාගත්තා.
"මම ආදරේ කරනවා කියලා?"
ජන්කුක්ගෙ තොල් ජිමින්ගෙ සීතල පිටට තද වෙන අතරේ ජිමින් ඇඳුම් ගොඩ අස්සෙ තිබුන එයාගෙ මූන එලියට ගත්තා.
"කාටද?"
"ඔයාට?"
ජන්කුක්ගෙ අත් තවත් තදින් ජිමින් වටා එතෙනකොට ජිමින් හිමීට ජන්කුක්ගෙ පැත්ත හැරෙන්න උත්සාහ කලා. ඊළඟ මොහොතෙ ඇහුනු විදුලි පහරට ගැස්සුන ජිමින් බයටම ජන්කුක්ගෙ ඇඟට හේත්තු උනා.
"ඇත්තටමද?"
ජිමින් යාන්තමින් හිනා උනේ ජන්කුක් එයාට ආදරෙයි කියපු නිසා නම් නෙමෙයි. ජන්කුක් ආදරෙයි කිව්වා කියලා ජිමින්ට ඇති ප්‍රයෝජනය මොකද්ද?
ප්‍රධාන සහ එකම ප්‍රයෝජනය තමයි ජන්කුක්ව තමන්ට ඕන විදියට පාලය කිරීම! ජිමින්ගෙ කපටි මොලේට මතක් උනේ කීපසැරයක්ම ඇහුවත් අවසර නොලැබුන එකම කාරණාව.
"මට ආදරෙයි නම් ටේහ්‍යුන්ග්ට කැමති වෙන්නකො."
බෝල ඇස් එක්ක කට උල් කරගත්තු ජිමින් ජන්කුක්ගෙ ඇස් වලට එබුනා.
"ඔයා මාව කේන්ති ගස්සනවා මිනී."
ජන්කුක් හරිම සන්සුන්ව ජිමින්ව එයාගෙ පැත්තට හරවගත්තා. ජිමින්ට පොරොන්දු කඩන්න බෑ. එයා මේ වෙනකොටත් ටේහ්‍යුන්ග්ට කැමැත්ත අරන් දෙනවා කියලා පොරොන්දු වෙලා ඉන්නෙ.
"ඒත් එයාලා ආදරේ කරනවා නම්-"
"ඔයාට තේරෙන්නෙ නැද්ද එයාලගෙ වයස් පරතරේ කොච්චරක්ද කියලා මිනී? මම ටේහ්‍යුන්ග්ව වරදවා වටහා ගත්තා තමයි. ඒ කොහොම උනත් ටේහ්‍යුන්ග් අහිංසක ජීවත ගාණක් එක්ක සෙල්ලම් කරපු එක නම් මට අමතක කරන්න බෑ."
~ තීරණාත්මකයි. මම මොකට පොරොන්දු උනාද මන්ද?
ඒත් ටේහ්‍යුන්ග් මගේ යාලුවා!
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
VOUS LISEZ
sᴀᴠᴀɢᴇ ʟᴏᴠᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionEvery night and every day, I try to make you stay...