🥰Chapter 27🥰

729 140 60
                                    

ජිමින් : ඔයා...ලට පරක්...කු වෙන...වනම් මම තනි..යම යන්න...ම් පැක් හ..වුස් එක..ට

හෙයුජින් : නෑ නෑ පරක්කු නෑ අපිට යමු පැක් හවුස් එකට

__________________________________________

ටික වෙලාවක් යනකොට ජිමින්වත් අරගෙන ටේ ආවේ පැක් හවුස් එකට ටේට වාරු කරගත්තු ජිමින්ව පැක් හවුස් එක ඇතුලට ගෙනිච්චේ හිටපු හැමෝවම බය කරලා

සේයෝන්ග් : අනේ ජිමින් මේ මොකද්ද උනේ

ජේකේ : අය්යෝ බන් මොකෝ මේ

ජීන් : ඉක්මනට කාමරේට එක්කන් යන්න

නම්ජූන් : ජේකේ ඩොක්ටර්ට කෝල් ඒකක් දෙන්න. දැන්ම එන්න කියන්න

Time passed

ඩොක්ටර් : ටිකක් තදට වැදිලා දකුණු කකුල කැඩිලා තියෙන්නේ දවසක්වත් යාවි හරියන්න.

( වෘකයෙක් නිසා හොදේ එච්චර ඉක්මනට හොද වෙන්නේ 🙃)

ජීන් : තැන්ක්යූ ඩොක්ටර්

ඩොක්ටර් : එහෙනම් මම ගිහින් එන්නම් දවසක් යනකන් ඇල්ෆාට ඇවිදින්න දෙන්න එපා











හෙයුජින් : සෝහා මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ

සෝහා : ඔව් කියන්න

හෙයුජින් : මෙතන බෑ උඩට යමු

හෙයුජින් සොහාවත් එක්කගෙන ආවේ උඩ තට්ටුවේ රූම් එකකට සෝහාට වාඩි වෙන්න කියලා හෙයුජින් ජනේලේන් එලිය බලාගෙන ලොකු හුස්මක්‌ හෙළුවේ ලොකු කතාවකට මුල පුරන්න වගේ

සෝහා : මොකද්ද බන් කියන්න තියෙන්නේ

හෙයුජින් : මම කියන දේ හොදට අහගනින්

සෝහා : කියහන්කෝ

හෙයුජින් : උබ දන්නවනේ උබේ මේට් ජිමින්. ඒත් වෙන අය වගේ නෙවෙයි බන් ජිමින් උබ ගැන හොයලා බැලුවේ. උබ එයාගේ මේට් කියලා දැනගත්ත දවසේ ඉදලා උබට නොදැනෙන්න උබව පරිස්සම් කරා එදා උබ ස්කොලේ ගබඩාවේ හිර උන වෙලාවේ වැඩිපුරම කලබල වුනේ ජිමින් ඔයාව එලියට ගන්න දොර කැඩුවෙත් ජිමින් ඒත් උබ දැක්කේ ඇතුලට ආපු ජන්ග්වොන්ව විතරයි. ජිමින් හැමදාම උබ යන යන තැන පස්සෙන් ගියා. උබ එදා හැප්පුන දවසෙත් උබව ෆලෝ කරනගමන් ඉදලා තියෙන්නේ උබව හැප්පුනම හොස්පිටල් එකට ගෙනිහින් නොකා නොබී හරියට නින්දක්වත් නැතුව උබ හොද වෙනකන් බලාගෙන ඉදලා එදා උදේ ගියේ උබට ඕන බෙහෙත් වගයක් ගේන්න. ඒත් උබට සිහිය එනකොට උබ දැක්කේ අර ඉදලා හිටලා ඇවිත් උබව බලලා ගිය ජන්ග්වොන්ව ජිමින් බෙහෙත් ටික අරන් එනකොට උබ හිටියේ ජන්ග්වොන් එක්ක ජිමින් ඉදිය කියලා කියන්න එපා කියලා ජිමින් ගියා. අනිත් එක දැන් උබ දන්නවා රට් එකේදී වෘකයෙක්ට තමන්ගේ මේට්ව අනිවරෙන් ඕන කියලා. හැමදාම හවසට ඇවිත් උබව බලලා ගිය වෘකය තමයි ජිමින්. ඒත් උබ කිව්වා නේද දවස් දෙක තුනකින් ඌව දැක්කේ නෑ කියලා. ඒ කාලේ ජිමින් හිටියේ රට් ඒකේ ජිමින්ගෙන් උබට කරදරයක් වේවි කියලයි. ජිමින් උබව බලන්න ආවේ නැත්තේ. හවසත් උබට බැන්නට උබට වඩා දහස් ගුණයක් ජිමින් හිතින් විදවනවා ඇති ඒකයි උබට යන්න කියලත් පස්සෙන් ඇවිත් බේරගන්න වාහනේට පැන්නේ.

🐺The wolf love🐺( Completed )Where stories live. Discover now