ඒ දවස් ටිකත් සතුටින් සාමයෙන් නිහඩව ගෙවිලා ගියා. ටේගෙ බැනුම් අස්සේ උනත් ජිමින් ඈතින් ඉදන් සෝහාව පරිස්සම් කරා. මේ දවස් ටිකට ජන්ග්වොන් සෝහා වගේම ඔම්මා එක්කත් ගොඩක්ම හිතවත් උනා.
____________________________________________
සෝහා : අනේ ඔම්මා අද යනවද
ඔම්මා : ඔව් පුතේ හවස් වෙලා යන්නේ ඉතින් ඔයා තනියමනෙ
සෝහා : 🤧🤧🤧
ඔම්මා : අපෝ පොඩි එකා නොවී ඉන්න දෝණි දැන් ඔයා ලොකුයිනේ
සෝහා : හා හා ඉතිම් 🤧
ටික ටික වෙලාව ගෙවිලා ගිහින් හවස් උනා සෝහානම් ඔම්මා යනවට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඒත් එයා ඕම්මව නැවැත්තුවේ නැත්තේ ඔම්මා එනකන් ලෙඩ්ඩු බලාගෙන ඉන්න නිසා.
ඔම්මා : දෝනිට මොනවා හරි ඕන දෙයක් තියෙනවනම් ජන්ග්වොන් පුතාට හරි ජිමින් පුතාට හරි කියන්න ඒගොල්ලෝ ගෙනත් දේවී.
සෝහා : හරි හරි.........
ඔම්මා ගෙදරින් එලියට බහින්න කලින් හොද දේශනයක් දීලයි ගියේ අරක කරන්න එපා මේක කරන්න එපා කියලා.
ඔම්මත් ගිය නිසා කෑමත් කාලා කරුවල වෙන්න කලින් දොරවල් වහල කාමරේට ආවේ තනියම ඉන්න කම්මැලි නිසා. වෙනද වගේම අර සතා සෝහා දිහා බලාගෙන හිටියා. අද සෝහා ඒ දිහා බලාගෙන හිටියේ වෙනද වගේ එපා කියන්න හෙයුජින් නැති නිසා. සෝහා පැය බාගයක් විතර බලාගෙන ඉන්න ඇති ඒත් ඒ සතානම් ටිකක්වත් හෙලවුනේ නෑ. එක විදිහටම සෝහා දිහා බලාගෙන ඉදලා සෝහාගේ නිදිමත තේරුනා වගේ එතනින් යන්න ගියා. සොහාත් ජනේලේ වහල ඇදට වැටුන ගමන් නින්ද ගියා.
Next day morning
සෝහා : මොකෝ අද අර රිදී සීනු හඩ නැත්තේ 🙃ආ අමතක උනානේ ඒකි එන්නේ අද හවස් වෙලානේ 🥴දැන් කරපංකෝ ගෙදර වැඩ ටික
එහෙම තමන්ටම කියාගන්න ගමන් සෝහා උදේට කෑමත් හදාගෙන කාලා ගේත් අස් කරලා වොෂ් දාගෙන මාකට් එකට යන්න ලෑස්ති උනේ ගෙදර බඩු ඉවර වෙලා තිබුන නිසා.
📲📲
ටේ :කොහෙද බන් ඉන්නේ උදේට කාලාත් නෑ
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Manusia Serigalaමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊