ටේ : ඔව් බන් හෙයුජින්ගෙන්
ජිමින් : කෙල්ලට ශේප් ඒකේ කියපන්
____________________________________________________________📞
හෙයුජින් :ටේ සෝහා ඕගොල්ලෝත් එක්කද මම ගෙදර ආවා ඒකි ගෙදරත් නෑ කෝල් ගත්තා ෆෝන් ඒකත් ඕෆ්. යන තැනක් ඕගොල්ලෝන්ටවත් කිව්වද
ටේ :කලබල නැතුව ඔයා දැන් කොහෙද ඉන්නේ කියන්නකෝ
හෙයුජින් : මම ඉන්නේ අපේ ගෙදර කොහෙද සෝහා ඉන්නේ
ටේ :මම දැන්ම එන්නම් ඔහොම්මම ඉන්න ආවම ඔක්කොම කියන්නම්
හෙයුජින් : ඇයි මොකද සෝහාට උනේ
ටේ : මම තියන්නම් දැන්ම එන්නම්
Call end
ජිමින් : උබ පලයන් 🥺යනගමන් කුකියටත් කියපන්
ටේ : බය නැතුව හිටපන්
ටේ එහෙම කියලා ජිමින්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ "ඔක්කොම හරියයි" කියන්න වගේ. ඒත් ටේ ගිය ගමන් ආයෙම දොර ලගින් එහෙට මෙහෙට දුවන ඩොක්ටර්ල නර්ස්ල දැක්කම ජිමින්ගේ ඇස් වලට කදුළු ආවේ ඉබේමයි. ටේ යනගමන් ජේකේට කෝල් කරලා විස්තරේ කිව්ව ගමන් ඒක අහලා ජිවෝන් ෆේන්ට් වෙලා. කෙල්ල කොච්චර චන්ඩිකම් කරත් යාලුවට කරදරයක් කියලා දැනගත්තම දරාගන්න අමාරු උනා. කොහොම හරි ජිවොන්වත් එක්කගෙන ජේකේ එන්න පිටත් උනා. ටික වෙලාවකින් කට්ටියම හොස්පිටල් එකට ආවා තාමත් ජිමින් බිත්තියට හේත්තු වෙලා බිම ඉදගෙන හොදටම අඩනවා. ජේකේ, ටේ කොල්ලා ලගට ගිහින් හිත හදනකොට කෙල්ලෝ දෙන්නා ජිමින්ව දැකල පුදුම උනේ ජිමින් සෝහාට ආදරෙ බව නොදන්න නිසා.
ටේ : ඔය දෙන්නා බලනවා ඇති නේද ජිමින් ඇයි මෙච්චර අඩන්නේ කියලා
හෙයුජින් : ඔව් ඇයි ඒ 🥺
ටේ : එයාගේ මේට් සෝහා
හෙයුජින් : න්.. නැ.. නෑ සෝහා වෘකයෙක් නෙවෙයි
ටේ : නෑ මනුස්සයෙක් උනත් මේට් වෙන්න පුළුවන්. කොල්ලා සෝහාට පණ ඇරලා. සෝහා ජන්ග්වොන්ට කැමති කියලා දැනගත්තම නොකා නොබී ඉදලා දුක අඩු කරගෙන ඈත ඉදන් සෝහාව පරිස්සම් කරා. අදත් කෙල්ලගේ පස්සෙන් යනකොට තමයි මේක උනේ. හිතන්නකෝ තමන් ආදරෙ කරන කෙනාට තමන්ගේ ඇස් ඉස්සරහ අනතුරක් වෙනවා දැක්කම දැනෙන දුක
YOU ARE READING
🐺The wolf love🐺( Completed )
Hombres Loboමගේ පලවෙනි ff එක වැරදි අඩුපාඩු ඇති කමක් නෑ කියවගෙන යමුනේ 😊