🌸3🌸

445 87 8
                                    

මම ඇදන් හිටියෙ තනිකරම ඔෆිස් කිට් එකක්...කොල්ලෙක්ගෙ වගේ...කිබුල්ලු දෙන්නාත් මම වගේම ඇදලා හිටියා...

"මේ...රිකියෝ...කාර් එකට නගින්නෝ..."

ඈශ් මොකෙක්ද වගේ බෙරිහන් දෙනකොට මම කාර් එකට නැග්ගා...මාමා කාර් එක ඩ්‍රයිව් කරා එයාට එහා පැත්තෙ නැන්දා අපි තුන් දෙනා පිටිපස්සේ...

"අයියෝ බලනවකෝ කොන්ඩෙ ගැට ගොඩ...අන්තිමට පීරුවෙ කවද්ද..."

ඇරෝ දාගෙන රවනවා...මගෙ කොන්ඩෙ ගැන එයාට මාර කැක්කුමක් තියෙන්නේ...

"ගිය සතියේ හරි ඊට කලින් සතියෙ හරි..."

"පිස්සුද හැටිද ඕයි..."

"අම්මේ...පනාවක් දෙන්නෝ.."

අද මගෙ අවසානේ....මම කොල්ලෙක් වගේ හිටියට මගෙ සහෝදරයෝ හතර දෙනාම මට සලකන්නෙ මල්ලියෙක්ට වගෙ නෙමේ...නංගියෙක්ට වගේ..කොලේජ් එකේදිත් කිබුල්ලු දෙන්නා මාව ගොඩක් පරිස්සම් කරා...මම ඒ දෙන්නව පරිස්සම් කරපු අවස්තාත් නැතුවම නෙමේ...

කාර් එකෙන් බහිද්දිම අලි පැටව් දෙන්නා මගෙ ඇගට පැන්නා..

"යකෝව්...අයින් වෙයං...යකඩද කන්නෙ...උපන් දිනේ දවසම මම මැරෙයි...අලේ හුම්ම හිල වෙනෝව්..ජිම් එකට පෙත්සමක් ගහනවා මම..ඉන්නවකෝ..."

දෙන්නම මගෙන් ඈත් වෙලා මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලුවා..

"මොකද..."

දෙන්නාගෙ බැල්ම අවුල් හින්දා මම ඇහුවා... ලොකූගේ ඇස් ගියේ කිබුල්ලු දෙන්නා ගාවට..ඊට පස්සෙ ආය මා ගාවට...

"රිකී...කොහෙන්ද ඔය රස්තයාදුකාර බාශාව ඉගන ගත්තේ..."

"ඔයාලාගෙන්ම තමා...හී.."

අයියකා දෙන්නට ඇහැක් ගහන් මම ගේ ඇතුලට ගියා.

"මේ කෙල්ලව හදන්න බෑ.."

පොඩී කිව්වේ ලොකූගේ කරට අත දා ගන්න ගමන්...

ගේ ලස්සනට සරසලා අම්මායි තාත්තයි නැන්දලා තුන් දෙනයි මාමලා තුන් දෙනයි අයියලා ටිකයි විතරයි හිටියෙ..

කේක් කපලා ඒවා මේවා ඔක්කොම කරාට පස්සෙ කොල්ලො හතර දෙනා මොකක්ද මන්දා කරේ තියන් ආවා...ලොකු පෙට්ටියක්..

"මෙන්න අපි හතර දෙනාගේ තෑග්ග.."

ලොකූ පෙට්ටිය මගෙ ඉස්සරහින් තිබ්බා...මටත් වඩා උසයි..මම ඇගිලි තුඩු වලින් ඉස්සිලා පෙට්ටිය ඇරියා..ඒකෙ හිටියේ...බෝනික්කෙක්..

බෝනික්කෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now