අරුන් දෙන්නව බදිනවද තම්බනවද කියලා මම කල්පනා කර කර හිටියේ...
🌸 ඔයාලා මොනාද මගේ රූම් එකේ මගේ බඩු ඇද ඇද කරන්නේ...
හොද වෙලාවට මේ සද්ද පහල තට්ටුවට ඇහෙන්නෙ නැත්තේ...
අරුන් දෙන්නා මගෙ කාමරේ...එකෙක් බ්රේව්ව බදාගෙන අනිකා උගේ ශර්ට් එකේ බොත්තමක් ගලවන්න දගලනවා....මුන්ට ගාය කියලා මගෙ අසරනයා මක් කරන්නද...
🍨 අපි ආවේ ඔයාගේ බෝනික්කිව බලන්න..
🌸 බෝනික්කි නෙමේ...එයා බෝනික්කෙක්..
🍦ඇත්ත කොල්ලෙක් වගේ අෆ්ෆා..
ඒ ගමන ක්ලැරිනා බෝනික්කාව බදා ගෙන..
🌸 මේ ඔයාලා දෙන්නා මහ ලොකුවට කෙල්ලොන්ගෙ ගති ගුන ගැන කතා කරනවා ...එහෙම කතා කරලා කෙල්ලෙක්ගේ රූම් එකට හොරෙන් රිංගනවා....මොකක්ද අයිසෙ ඒ වැඩේ...
🍨 පුහ්...කවුද දන්නෙ නෑ කොල්ලො එක්ක රවුම් ගැහුවේ....
🌸 ස්ටෙෆනි...ඒ මගෙ අයියලා...මගේ සහෝදරයෝ එක්ක මට ඕන තැනක මම යනවා...දැන් ඔහෙලත් මගෙ කාමරෙන් යනවා...
ක්ලැරිනා මට ඔරවද්දි ස්ටෙෆනි බ්රේව්ව අරන් යන්න හැදුවා...යකෝ මේකි..
🌸 තමුසෙ දැන් ඔය බෝනික්කාව කොහෙද අරන් යන්නේ...
🍦 අපෙ රුම් එකට...
🌸 මේ...උබලා දෙන්නා මගෙන් කුනුහරප අහගන්නෙ නැතුව ඉන්නවද...
මම රැව්වා රැවිල්ලක්...
ස්ටෙෆනි බ්රේව්ව තියලා මට ගස්සන් ගියා...මම බය වෙයි ඕවට...ඇත්තටම මම අහන්නේ කෙනෙක් හොද ගුනදම් ගැන පොර ටෝක් දිදී මූනවත් හෝදන්නෙ නැතුව ඉන්න එක හරිද....ඔයාලම කියන්නකෝ.ආපු ගමන් රන්ඩු උන නිසයි දවසම රෝන්දේ ගහපු නිසයි මහන්සියටම වොශ් එකක් දාන් ආපු ගමන් මට නිදි මත නිසා මම ඇලට් එකක් දැම්මා....බ්රේව්ත් මට එහා පැත්තෙ මම දිහා බලාගෙන ඉන්නවා....ඒ දුබුරු පාට ඇස් මායාවක් වගේ....
🌸 මෝඩ බෝනික්කා...
මම එයාගේ කම්මුලක් මිරිකලා නලලට කිස් එකක් දිලා එයාටම තුරුල් වෙලා නිදා ගත්තා....බෝනික්කෙක්ට තුරුල් වෙන එක නරකද...ඕන තරම් කෙල්ලො පැන්ඩො තුරුල් කරන් ඉන්නෙ...
@Morning....
"රිකී.....දුව...නැගිටින්න...අද කොලේජ් යන්න ඕන නේද....අර දෙන්නා ලෑස්තිත් වෙලා....."
අම්මා උදේම ගන්ටාරේ ගහන්න පටන් අරන්....අර දෙන්නා???? මගෙ කිබුල්ලු දෙන්නා නම් මේ තරම් කලින් එන්නෙ නෑ....හත්වලාමේ....අර මෝහිනීලා දෙන්නා....
"අම්බේ...එයාලත් එනෝද.."
මම නිදි මරගාතෙම ඇහුවා...
"ඔව්..."
සෙකන්ඩ් වෙන්න බෑනේ...මම මොකාද වැහුනා වගේ ලෑස්ති වෙලා බ්රේව්ටත් කිස් එකක් දීලා ස්කූටිය ලගට ගියා...අර මෝහිනීලා දෙන්නා ගිහින්...
🙂 ස්කූටියෙ තෙල් නෑ...පට්ට...🦊 රිකියා...එනවද....
පොඩි කිබුලා කාර් එකේ හෝන් එකට නැගන් කෑ ගහනවා...
🌸 එනවා ශුඩූ....
උන්නු හැටියට මලා මදැයි කියලා මම කාර් එකට නැග්ගා..
මට මතක් උනේ බ්රේව්ව....එයාගේ ඇස්...කොන්ඩේ....අනේ බෝනික්කෙක් මට කරපු දෙයක්...
🐺 මොකෝ රිකී සයිලන්ට්...රිකී...රිකී
🦊🐺 රිකී.....
🌸 කන යකෝ....
🐺 මොන ලෝකෙද හිටියේ...
🌸 මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා...ත....
🦊 උලව් මල්සරෙක් ගැන කියෝනවා....ඔයාට මොන කොල්ලොද රත්තරන්...
🌸 අහකට වෙයන් කිබුලෝ ....මෙන්න මට අතවර කරනෝ...
ඈශ් මගේ කම්මුලේ ලොකූ කෙල තලියක්...මේ උම්මා එක්ක දෙන්න යද්දි මම කෑ ගැහුවා...කාර් එක නවත්තල තිබ්බේ....
❔ මිස්...ප්‍රශ්නයක්ද...
🌸 නෑ...මේ....හී....මේ මගෙ අයියලා දෙන්නා...
මගේ සුන්දර වදන් ඈතටත් ඇහිලද කොහෙද කවුද මන්දා එකෙක් කාර් එකෙ ජනේලෙන් ඔලුව දැම්මා....
මම එයාට තෑන්ක් කරන්න ඒ පැත්ත බැලුවා...දෙයියනේ......
ඒ....
🙂❤️ ඒ කවුද..
YOU ARE READING
M͏y͏ D͏o͏l͏l͏✔️✔️
Fantasyබෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌