🌸4🌸

419 82 29
                                    

මටත් වඩා උස බෝනික්කෙක්...බෝනික්කෙක් කිව්වට කොල්ලෙක් වගේ...හැන්සම්...ඇහ්...ඒ ගමන මම බෝනික්කෙක්ට ලව් කරන්න අරන්ද...අම්මට ශිරි...කවදා අහපු දේවල්ද මේ....තරුනියක් බෝනික්කෙක් හා පෙමින් වෙලෙයි කියලා පත්තරේ හෙඩ් ලයින් එකට තිබ්බොත් කෝමද....

"රිකියා...කොහොමද තෑග්ග...හොදද..."

ඇරෝ මගේ කරට අත දා ගත්තා...අම්මපා මුන් හතර දෙනාගේ යකඩ අත් මගෙ කරට දාලම දවසක මාව කුදු වෙනවා...

"ලස්සනයි...ඒත්...බෝනික්කෙක්..."

"කොල්ලෙක්වත් නැති එකේ කොල්ලෙක් වගේ බෝනික්කෙක් වත් තියාගන්න.."

ලොකූ කිව්වේ කෝචෝක් හිනාවක් දාලා..

පාර්ට් බාටි ඔක්කොම ඉවර වෙලා මම නිදාගන්න ඇදට ගියෙ මට අයියලා දුන්න බර්ත් ඩේ ගිෆ්ට් එකත් අරන්...නොකිව්වට ඒ බෝනික්කාට මගෙ හිත ඇදිලා ගියා...එයා කියුට්...හැන්සම්....ස්වීට්....තව කියන්න එකක් තියනවා...ඕවා කියලා නම්බුවයි හොද නමයි දෙක නැති කරගන්න ඕන නෑනේ.....හී....

ලොකුම අවුල උනේ බෝනික්කාගෙ උරහිසටත් වඩා මම කොට එක...යකාගේ බෝනික්කෙක් තමා...අමාරුවෙන් බෝනික්කාව ඇදලා අරන් ඇදට තල්ලු කරා...අද ඉදන් මේ ඇද අපි දෙන්නාගෙම....ත්‍රිබල් ඇදේ මේ තරම් කල් මම නිදා ගත්තේ තනියෙන්...

බෝනික්කාව ඇදට දාලා ඇදුමක් මාරු කරන්න ගියත් මොකක්දෝ කුප්ප අදහසක් ආපු නිසා මම බෝනික්කාගේ ඇස් දෙක බැදලා ඇදුමක් දාන් ඉවර උනාම ඇස් දෙකේ බැදලා තිබ්බ රෙදි පටිය ලෙහුවා.....

ඊට පස්සෙ මාත් බෝනික්කාට එහා පැත්තෙන් ඇල උනා....බෝනික්කෙක් කිව්වට ඇත්ත කොල්ලෙක් වගේමයි...දුබුරු පාට සිනිදු කොන්ඩේ...චූටි නහය....අවුරුදු ගානක් ගලක් වගෙ තිබ්බ මගෙ හිත මුලින්ම හෙලෙව්වේ බෝනික්කෙක්...කාට කියන්නද මේවා...හෙට නිවාඩු දවසක් කියන එක සන්තෝසෙන් මතක් කර ගනිමින් බෝනික්කාගේ කරට අතකුත් දාගෙන මම නිදා ගත්ත..





..
🙂🥀 බෝනික්කි කොල්ලෙක් ඕනෙ

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now