ගෙදර ගිය ගමන් මම රූම් එකට පැනලා දොර වහගත්තා...
🌸 ඒහ්...බෝනික්කෝ...
මම කියද්දි බ්රේව් මගේ පැත්තට හැරුනා..
🐆 ආ...රිකි...මම පාලුවෙන් හිටියේ ඔයා නැතුව....
🌸 එන්නකො කොල්ලො...මේ වැඩෙන් පස්සෙ ඔයාට මා එක්කම ඉන්න පුලුවන්...
මම බ්රේව්ට ඇහැකුත් ගහලා මගේ කන්නාඩි මේසේ ඉස්සරහ පුටුවකින් ඉන්දුවා...
🌸 ඇස් දෙක වහන් ඉන්න හොදේ..
මම ඊලගට ගත්තේ මේකප් සෙට් එක...මම මේකප් වලට ආස නැති උනාට ඒවා පාවිච්චි කරන හැටි දන්නවා...
බ්රේව්ගේ කම්මුල් ටිකක් රෝස පාට කරලා මේකප් තට්ටුවක් ඉලුවම එයාගෙ 'හැන්සම්' මූන 'රූමත්' උනා...
ලා රෝස පාට එයාගේ තොල් දෙකේ රෝස පාට ලිප්ටිප් ගෑවම ඒකත් ලස්සනට ආවා....ඊලගට විග් එක...මම අවුල් නොවෙන්න පරිස්සමට විග් එක දැම්මා...අලේව්...බෝනික්කියෙක් වගේ...🌸 ඇස් අරින්න...
බ්රෙව් ඇස් ඇරිය ගමන් දැක්කෙ කන්නාඩිය...කොල්ලා කම්පියුස්...
🐆 රි....රිකී...මෙ මා දිහා බලන් මම කරන කරන එක කරන කෙල්ල කවුද...
🌸 මැට්ටෝ....ඒ ඔය...
🐆 අහ්...
🌸 මම ඔයාගේ මූන ගර්ල් කෙනෙක්ගේ වගෙ හැදුවා....මට දැන් පුලුවන් ඔයා එක්කම ඉන්න....ඔයාට ඩේව්ගෙන් බේරිලා මා එක්ක කොලේජ් යන්නත් පුලුවන්....
🐆 අ....මූන විතරනෙ කෙල්ලෙක්ගෙ වගෙ...
බ්රේව් මහ වල් හිනාවක් දැම්මා...
🌸 ර්ර්ර් වල් බෝනික්කා....ඒ ඔක්කොම හරි...දැන් ඔය කමිසෙ ගලවලා මම ගෙනාපු ශර්ට් ටික ඇදලා බලනවා....
බ්රේව් මොකෙක්ද වගේ මා දිහා බලන් හිටියා...
🌸 ඔහොම බලන්න එපා...මම කලිසම ගලවන්න කිව්වෙ නෑනෙ.... 😏ගැලෙව්වත් ඕක අස්සෙ අමුතු දෙයක් නෑනෙ....
බයවෙන්න එපා යකෝ...මම තමුසෙව රේප් කරන්නෙ නෑ...කොල්ලො හතර දෙනෙක් එක්ක එක බාත් ටබ් එකේ නාපු මට ඕවා අමුතු ඒවා නෙමේ....(😂✌️ එමී ඇන්ඩ් රෝයිගේ මේ වගේ සීන් එකක් මතක් උන කට්ටිය මේ කොනට...)
🐆 හ්ම්...
බ්රේව් දුබුරුයි මෙරුන් පාටයි කොටු කොටු ශර්ට් එකේ බොත්තම් ටික පැන්නුවා ..
අඩඩ්ඩේ....මූන වගේමයි ඇගත්...තනිකර ප්ලාස්ටික් වගේ...
🐆 ඔහොම බලන්න එපා....
බ්රේව් කමිසෙන් ඇග වහගත්තා...අම්මපා යකෝ මේකගේ කෝලං...
😂 අවන්කවම බ්රේව් ගැන මගේ හද පතුලෙන් අනුකම්පාවක් නැගී එනවා...

YOU ARE READING
M͏y͏ D͏o͏l͏l͏✔️✔️
Viễn tưởngබෝනික්කෙක්...ඔව්...බෝනික්කෙක්.. මගේ ජීවිතෙ වෙනස් කරා.... මම කොල්ලෙක් වෙන්න ඉදලා කෙල්ලෙක් උන කෙනෙක් කියන එක තමා ගොඩක් අයගේ මතය.. හොල්මන් කතාවක් නොවේ ❌