🌸26🌸

302 67 8
                                    

🐆 අහ්....ම්ම්හ්...

🌸 බෝනික්කෝ....

බ්‍රේව් කෙදිරිගාද්දි මම එයාගේ මූනට එබුනා....එයා ඇස් ලාවට ඇරලා...ලාවට වහලා...ඊට පස්සෙ තදටම වහ ගත්තා...

🌸 ඒයි...බූරූ පුත්තං හරකා....ඇස් දෙක ආය වග ගත්තෙ මොන කොස් ගෙඩියකටද....සුරංගනාවියක් වගේ ඉන්න මාව යකින්නියක් කරගන්නෙ නැතුව නැගිටපන්...

🐆 පුහ්...හොද සුරංගනාවි...

මම බ්‍රේව්ගේ ශර්ට් එකේ කරෙන් ඇද ඇද කෑ ගහද්දි එයාගේ කටහඩ ඇහුනම මට දැනුනේ හිතාගන්න බැරි හැගීමක් ....නිකම් චූටි කාලේ වරදක් කරලා පිනා ගාවට යන්න තියෙද්දි පිනාට හදිසි අවශ්‍යතාවයක් ඇවිත් අපිව ඔෆිස් එකෙන් එලෙව්වා වගේ සතුටක්  ..

🐆 බය හිතුනද....ම්ම්...

මම ආය මේ ලෝකෙට ආවේ බ්‍රේව්ගේ කටහඩින්......

🌸 මම....බය වෙන්න...පිස්සුද....

මම කිව්වෙ අත් දෙකත් බැදන් අනිත් පැත්ත හැරෙන ගමන්...පුෆ්...මෙයා කලන්තෙ දාලා හිටියට මම බය උනේම නෑ....මම සුට්ටක්වත්...අංශුමාත්‍රයක්වත් බය උනේ නෑ....

🐆 බොරුකාරි...

🌸 බොරු කියන්නේ මොකද මම...

🐆 බොරුකාරි....බොරුකාරි....බොරුකාරි

බ්‍රේව් මගේ කොන්ඩ ගහක් ඇද්දා ....මාත් සෙකන්ඩ් වුනේ නෑ ....බ්‍රේව්ගේ කොන්ඩ කොටේකින් මාත් ඇද්දා.....ඒ හිකනලා ආය ඇද්දා....මම අත් දෙකෙන්ම බ්‍රේව්ගේ කන් දෙක අල්ලන් හොල්ලන්න ගත්ත...

'ට්‍රීං....ට්‍රීං....'

ඒ එක්කම දොරේ බෙල් එක වැදුනෙ අපි දෙන්නවම සෝෆා එකෙන් බිමට වට්ටල....සෑ වෑව්....ඕඩර් කරපු කෑම වෙන්න ඇති....පට්ට බඩගින්නේ හිටියේ....මම නැගිටින්න ගියත් නැගිටින්න බෑ....මගෙ කොන්ඩේ බ්‍රේව්ගේ බාගෙට ගලෝපු ශර්ට් එකේ බොත්තමක් අස්සේ ගිහින්....

🌸 ඇවිත් ගෙනාපුවා තියලා යන්න...

මම කිව්වේ මගෙ කොන්ඩේ ගලෝගන්න ට්‍රයි කරන ගමන්...
ඒ එක්කම දොර ඇරෙන සද්දෙ ඇහුනා...මම හිටියේ ඔලුව දොර පැත්තට හිටින විදිහට...බ්‍රේව් මගෙ ඇග උඩ...මන් එක අතකින් එයාගේ කොන්ඩෙ අල්ලන් අනිත් අතින් මගේ කොන්ඩෙ බේරගන්න ට්‍රයි කරමින් හිටියෙ...මේ ඔටු ලබ්බා එක්ක බෑ අප්පා...

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now