🌸22🌸

315 80 9
                                    

🐺 මට ඇහුන එකමද ඔයාලාටත් ඇහුනේ...

🐯🦁🦊 ඔව්...

මුං එක්ක සීරීයස් වෙන්න බෑනේ....පොඩ්ඩක් සීරියස් වෙන්න යද්දි හතර දෙනාම ගොං මූනක් දානවා...සීරියස් ගැනිල්ල පැත්තක තියලා මට හිනා යනවා...

🌸 මන් බ්‍රිට්නි එක්ක ඉන්නම්...

🐯 ඔයාව තනියෙන් තියන්න අපිට බැහැ...

🌸 බ්‍රිට්නි ඉන්නවනෙ අයියේ...

🦁 ඒ කෙල්ල එක්ක ඔයාව තියලා යන්න මන් නම් කැමති....ඒ කෙල්ලව ඔයා එක්ක තියන එක තමා බය ...

😂✌️අම්මෝ...අපි ඒ ගැන කතා නොකර ඉමු ...
මම ලාවට හිනා උනා...

🐺 ඔයා බ්‍රිට්නි එක්ක කොලේජ් යන්න ලෑස්ති වෙන්න...මෝහිනීලා දෙන්නා අස්වීම ගන්න යනවනේ...ඒ එක්කම ඔය දෙන්නත් යන්න....පරක්කු උන හේතුව මම පිනාට කියන්නම්...

🌸 පිනා සැර දායිද..

🦁 යකොව් ...ඒ උබලගෙ ප්‍රින්සිපල්...ඔහොමද කතා කරන්නේ...

🌸 ආ...ඒමත ලොකූ...කවුද දන්නෙ නෑ ඉස්කොලේ ගීත ගායනා තරගෙකදි
අම්බලමේ පිනා
වලං කදක් ගෙනා
ඒක බිදපි ගොනා
ඔයයි අපේ පිනා
කියලා ප්‍රින්සිපල් ඉස්සරහම කිව්වේ...

අයියා ඔලුවත් කහ කහ මාරු උනා....අවංකවම අපි පස් දෙනා ඉස්කෝලේ මැර කල්ලියක් වගේ....කරන තරමන් නසරානි වැඩ කරේ අපි...
මම එහෙම්ම දිව්වෙ බ්‍රිට්නිව හොයන්...
මම යද්දි එයද් බර කල්පනාවක..

🐆 ආ රිකී...ඔයා යනවද...

ආව්...ආව්...කොල්ලට දුකයි වගේ

🌸 ඔව්...මං යනවා....ඔයාට තනියෙන් ඉන්න වෙන්නේ....

🐆හ්ම්..හද පායන දාට එනවද...

🌸 අනේ ගොං පිටසක්වලයා..මම යන්නේ නෑ ...

🐆 තෑන්ක්ස්....


බ්‍රේව් පැන්න ගමන් මාව බදා ගත්තා....අනිත් කෙල්ලො වගේ මම රතූ උනේ නෑ....මම එයා මාව බදා ගත්තට වඩා තදින් එයාව බදා ගත්තා....






@College




අවංකවම මට අද මෝහිනීලට දෙකක් කියන්න ඕන.....එයාලට වැඩිය වද දුන්නෙත් නෑනේ ...අපි හිටියේ පිනාගේ ඔෆිස් රූම් එක ඉස්සරහ....

🍦 ඒයි රිකී...

ඇහ්....මට කලින් මුන් දෙන්නා ඉස්සර උනානේ....මාත් මොකාද වගේ ගොං හිනාවක් දාලා එයාලා දිහාට හැරුනා...

🌸 ඕ....රිකී අමතනවා....පවසන්න...

🍨 කොල්ලො වටකරන් ඉන්න නිසා හෙන කෑල්ල කියලද හිතන් ඉන්නෙ...

කම්පියුස් උනා .....මාව කාටහරි කෑල්ලක් වගේ පේනවද....මගේ ඇගේ බාගයක් අඩුද...එහෙම නෑනේ...ඇයි එහෙනම් කෑල්ල කියන්නෙ...

🍦 හහ්...බබා වගේ ඉන්න හැටි...


මෙතන වෙනදේ නොදැන මනෝ පාරක් ගහන් හිටිය මම දැක්කේ ස්ටෙෆනිගේ අත මගේ පැත්තට එනවා....මට ඒක වලක්ව ගන්න කාලේ මදි කියල හොදටම දන්න නිසා තදින් ඇස් පියා ගත්තෙ ඇස් ඇරිය ගමන් ඕකුන් දෙන්නාගේ දත් සෙට් එක බඩට යවනවා කියලා හිතාගෙන....
තප්පරයක්....දෙකක්....තුනක්....කාලය නැවතිලාද....මට වැදුනේ නෑනේ...

🌸 අඩඩ්ඩේ ....

මම දැක්කේ බ්‍රිට්නි ස්ටෙෆනිගෙ අත අල්ලන් ඉන්නවා . ...ඒකට නෙමේ මට බය හිතුනේ ....බ්‍රිට්නිගේ අත් දැකලා....එයාට හොදටම තරහ ගිහින්....අත් වල නහර ඉලිප්පිලා ...


.










😁 හී.....

M͏y͏ D͏o͏l͏l͏✔️✔️Where stories live. Discover now