"මම අහන් ඉන්නේ ඔයාගේ ඇස් මට කියන දේවල් විතරයි...ඔයාගේ ඇස් නිතරම මට කියන්නෙ හැමවෙලාවකම ඔයාගේ ඇස් මානෙම ඉන්න කියලා...ඔයාගේ ඇස් හැමදාම උදේට මට කියන්නෙ මේ රෝස මල ඔයා වෙනුවෙන්ම තමයි ජන්කුක් කියලා...ඒ කියන්නෙ ඔයාට ඕන මම ඔයා ලගින්ම ඉන්නම ඉන්න එක...මේ ගෙදර ඔයාගේ ලගින්ම...මම අහන් හිටපු දේවල් බොරු නෙමෙයි කියලා මට විශ්වාසයි..."
"ජ..ජන්කුක්..."
යොන් මුකුත් කියන්න කලින්ම ජන්කුක් එයාගේ අත ඔහුගෙ කටට තියලා කියන්න ගිය දේ නැවැත්තුවා..යොන් නිහඩවම බිම බලාගත්තේ ඔහුගේ දෑස් කදුලු වලින් පිරෙද්දි...
ඔහු ඉක්මනින් ජන්කුක්ගෙන් ඈතට ගියා...ජන්කුක් ඉස්සරහ දුර්වලයෙක් වගේ අඩන්න යොන්ට කොහෙත්ම උවමනා වුනේ නැහැ..
"යොන් පොඩ්ඩක් ඉන්න...ඇයි මෙච්චර උදෙන්ම යන්නෙ??.."
"නිකන්.."
"හොදයි ඔයාගේ කැමැත්තක්..මම මේ හැමදේම ඔයාගේ නමට ලිව්වා යොන්..ඔයා දැන් ලොකුයි..ඒ නිසා මේ වගකීම් ඔයා දැන් බාරගන්න..මම තව ටික කාලයක් මෙහෙම ඉදී ඕනනම්..මට තවත් මේ දේවල් බරක්.."
"එතකොට ජන්කුක්ට??..."
යොන්ගෙ ප්රශ්නයට ඔහුගේ මව එකවරම පුදුම වුනත් එය එතරම් ගනන් නොගෙන ඇය ආයිත් කතා කරන්න පටන් ගත්තා.
"ඔහ්..ඔයාගෙන් එහෙම දෙයක් අහන්නත් සතුටුයි..ඔයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ ඇත්තටම ඒත් ජන්කුක්ව ඔයා බලාගන්න.."
"විකාර කියවන්න එපා...මම එයාට කැමති නැහැ කියලා දන්නවනෙ.."
"මට මගේ පුතාව විශ්වාසයි..."
ඇයගේ මුහුනේ රැදුනේ නිහතමානී සිනහවක්...පඩිපෙළ දිගේ ඇසුන අඩි ශබ්දය නිසා...
"මම දැන් යන්න ඕන.."
යොන් ඉක්මනින් නිවසින් පිටවුනා.
ජන්කුක් ඉක්මනින් ගියේ දොරකඩ ලගට...සුපුරුදු විදියටම ලස්සන රතු රෝසක් මල හිම උඩ තියෙනවා දැකලා ජන්කුක්ගේ තොල් අතර ලස්සන හිනාවක් ඇදුනේ ඉබේටමයි..
"යොන් ඔයා කලේ ලොකු වැරැද්දක්..ජන්කුක් ඒක දුන්නෙ ඔයාට...ඇයි ඔයා එයා ඉස්සරහම ඒක වෙන කෙනෙක්ට දුන්නේ??...ඔයා හිතලම එයාට රිද්දනවා..බලන්න එයාගේ ඇස් වල කදුලු...ඔයාට ඇත්තටම ඒක සතුටක්ද??..ඔයා කලින් එහෙම කිව්වත් මම හිතුවේ ඔයා ඒ දේවල් කිව්වේ විහිලුවට කියලා..ටිකක්හරි එයා ගැන අනුකම්පාවක් ඇති කියලා මම හිතුවෙ.."
"මං..ඇත්තටම මම...මට දැන් බඩගිනි නැහැ...ඒකයි මං.."
"ඇති ඇති...ඔයා දැන් එයාට රිද්දන එක නවත්තන්න..."
"මං එයාට රිද්දුවේ නැහැනෙ...මට දැන් බඩගිනි නැති නිසයි මං ඒක වෙන කෙනෙක්ට දුන්නෙ.."
"ඒකත් ටේහියුන්ට??.."
"එයා එදා ජන්කුක් දුන්න මිල්ක්ශේක් එක ගත්තා!..ඉතිං ඇයි අද නොගෙන ඉන්නෙ.."
යොන් අහක බලාගෙන කිව්වා..