බිම හැමතැනමඑක එක සිතුවම් වලින් පිරුන කඩදාසි..
"කුකී.."
ජන්කුක් ටේහියුන්ව නෑසුන ගානට ඔහුගේ බිම වැටුන සිතුවම් එකින් එක හේමීට එකතු කරන්න ගත්තා.
"කුකී..සමාවෙන්න"
ඒත් ජන්කුක් තවත් ටේහියුන්ව නොඇසුන ගානට වෙව්ලන අත් වලින් සිතුවම් ඇහින්දා..
ක්..කුකී...ම්..මම ඔයාට මේ කතා කරන්නෙ..අනේ ප්ලීස් බලන්නකො..මට සමාවෙන්න..
විනාඩියක් යන්න කලින් ටේහියුන් ජන්කුක්ව ආදරෙන් තුරුල් කරගත්තේ කදුලු එකපිට එක වැටෙද්දි..
ජන්කුක්ව ටිකකටවත් ඈත් කරන්න ඔහුට ඕන වුනේ නැහැ..ඇස් පියාගෙනම ටේහියුන්ගේ උනුහුමට ගුලිවෙලා ඉදපු ජන්කුක්ගේ සිනිදු රෝස පාට කම්මුල් දිගේ චූටි කදුලු බිංදු ගලාගෙන ගියේ පුංචි ඉකිගැසීම් එක්කමයි..
"අනේ අඩන්න එපා කුකී...ඔයාගේ මේ මෝඩ ටේට සමාවෙන්න..මගේ කුකීට මම ගොඩක් රිද්දුවා..මට සමාවෙන්න"
ජන්කුක් තවත් ටේට තදින් තුරුල් වෙලා තව හයියෙන් අඩන්න ගත්තා..ඔව් ජන්කුක් ටේට ගොඩක් ආදරේ කලා...අවුරුදු ගානක් ටේ ජන්කුක්ව දරුවෙක් වගේ ආදරෙන් බලාගත්තා...කවදාවත් හිත රිද්දුවෙ නෑ..එක මොහොතකටවත් ජන්කුක්ට ලැබෙන්න ඕන ආදරෙන් අඩුවක් කලෙත් නෑ...පනටත් වඩා ටේහියුන් ජන්කුක්ට ආදරේ කලා...ජන්කුක්ගේ පුංචි හදවතට ඒ මහමෙරක් තරම් ආදරේ ඕනවටත් වැඩිය දැනුනා..ඉතිං එහෙම කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්නෙ නැද්ද??..ඒත් ටේ අද කියපු දේවල් නිසා ජන්කුක්ගේ හිත ගොඩක් රිදුනා..එයාට ජන්කුක්ගේ ආදරේ තේරුම් ගන්න බැරිවුනා..ඒත් ටේ එයාගේ ආදරේ පොඩ්ඩක්වත් අඩු කලේ නැහැ වගේම ජන්කුක්ට ඒ උනුහුමට හැමවෙලාවෙම ගොඩක් ලෝබ වුනා...
ටේට දැනුනේ ලොකු වේදනාවක්...ජන්කුක් ඇදපු හැම චිත්රෙකම හිටියේ ටේ..ජන්කුක්ගේ හිතේ මැවුන හැම විදියකටම එයා ගොඩක් ලස්සනට ටේව ඇදලා තිබුනා...ඒ හැම පින්තූරයක් දිහාම ටේ හෙමීට බැලුවේ ඇස් වල කදුලුත් පුරවගෙන...
"මගේ කුකී මට ආදරෙයිද??...මට මුලු ලෝකේම ලැබුනා වගේ දැනෙනවා..විශ්වාස කරන්න බෑ ඒත් මේක හීනයක් නෙමෙයි නේද??...කවදාවත් මං මගේ කුකීව දාලා යන්නෙ නෑ..ඇත්තමයි මම ජීවත් වෙලා ඉන්නකන් හැමදාම මගේ කුකීව මගේ ලගින්ම තියාගන්නවා.."
ටේහියුන් ගොඩක් ආදරෙන් ජන්කුක්ගේ සිනිදු තොල් තමන්ගෙ පාලනයට ගත්තේ ජන්කුක්ගේ සිහින් ඉනවටේ අත් යවලා තමන් ලගට අරන්...මුලින් ටිකක් නොසන්සුන් වුනත් ජන්කුක් ඔහුගේ දෑත් ඉබේම ටේගේ බෙල්ල වටේ පටලවගත්තේ දෑස් පියාගෙන ටේට අවනත වෙමින්...