"යොන්.."
පිටිපස්සෙන් ඇසුන නාදුනන කටහඩේ අයිතිකාරයා ලගට ඔහු ලංවුනා.
"මම ටේහියුන්..."
"මං දන්නවා.."
"මේකයි මට..මට ඇත්තටම ඔයා එක්ක ජන්කුක් ගැන කතා කරන්න ඕන.."
"ජ..ජන්කුක් ගැන??.."
යොන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තේ ඔහුටත් නොදැනිමයි.
"ඔව්...මම...මං දන්නෙ නෑ මම හරිද කියලා...ඒත් මං එයා ගැන හිතනවා..ඔයා ජන්කුක්ගෙ සහෝදරයා නිසා.."
"අහන්න ටේහියුන්..මම ඔයා ගැන වැඩි දෙයක් දන්නෙ නැහැ ඒත්...ඔයා ජන්කුක් ගැන.."
"දන්නවා..මං හැමදේම දන්නවා...මට ඒ කිසිම අඩුපාඩුවක් ඇත්තටම ප්රශ්නයක් නෙමෙයි..ඇත්තටම මම ජන්කුක්ට.."
"ඔයා ජන්කුක්ට ආදරෙයිද??.."
"ඔව්.."
"ඒක වචනයක් විතරක් නෙමෙයි කියලා විශ්වාසද ටේහියුන්??"
"ඔව් විශ්වාසයි..මටත් වඩා විශ්වාසයි..මං එයාට ආදරෙයි...මට පුලුවන් ජන්කුක්ව ආදරෙන් බලාගන්න.."
යොන් ටේහියුන්ගේ පිටට තට්ටුවක් දමමින් යන්තම් හිනාවෙලා එතනින් යන්න ගියා.
පාලු උද්යානයක කෙලවරේ තිබුන හිම වලින් වැසී ඇති ලී බංකුවක වාඩි වී කල්පනා කරමින් ඉන්න යොන්ගේ එක් අතක් තවත් උනුසුම් අතකින් තදකරගනිද්දි යොන් ටිකක් නොසන්සුන් වුනා..
"ජන්කුක්???...ඔයා මොනවද මෙතන කරන්නෙ??...මෙතන ගොඩක් සීතලයි...ඔයා ලෙඩ වෙයි දැන් ගෙදර යන්න"
බලාපොරොත්තු නොවුන වෙලාවක
ජන්කුක්ව මුනගැසීම නිසා ඒ වදන් ඔහුගේ කටින් නොදැනුවත්වම පිටවුනා.ජන්කුක් පුදුම වුනත් මුවෙහි රැදුන ආදරණීය හිනාවකින් ඔහු දිහා බලන් හිටියා..
"නැහැ මං කිව්වේ...ඔයා යන්න මෙතනින්..මට අඩුගානේ මෙතනවත් පාඩුවේ ඉන්න දෙන්න ජන්කුක්.."
ඔහු අහක බලාගෙන ටිකක් තදින් කිව්වා...
ජන්කුක් තදින් ඔහුගේ පපුවට තුරුල් වුනා.."ජ..ජන්කුක්...ඇයි මෙහෙම කරන්නෙ??...මගෙන් ඈත් වෙන්න..මේ විදියට මට ලං වෙන්න එපා..."
ජන්කුක් තවත් තදින් යොන්ට තුරුල් වුනා...ඔහු ජන්කුක්ගේ සිහින් ඉනවටේ අත් යවලා තවත් තමන්ගේ පපුවට තද කරගත්තේ ජන්කුක්ගේ උරහිස උඩින් ඔලුව තියාගෙන මෙච්චර කල් හිතේ තදකරන් ඉදපු වේදනාවටත් කදුලු වලටත් ඔහේ ගලාගෙන යන්න ඉඩදීලා..