Chapter 16

1K 256 0
                                    

ටේට තමන් ගැනම ඇතිවුනේ ලොකු තරහක්..හැමදාම ජන්කුක්ගේ හැගීම් තේරුම් ගන්න ටේ ගොඩක් පරක්කු වුනා..රිද්දන්න ඕන නැති වුනත් හැමදාමත් ජන්කුක්ගේ හිත ගොඩක් රිදුනා.

"අනේ දෙයියනේ මොනවද කුකී ඔයා මේ කියන්නේ??..ඔයා නැති ජීවිතයක් මට ඕන නෑ...මං හැමදාම රිද්දනවා..හැමදාම...අනේ මට සමාවෙන්න...මාව දාලා යන්න එපා කුකී...ඔයා මගේ මුලු ජීවිතේම...කුකී..හැමදේටම වඩා ආදරේ කරලා මුලු ජීවිතේම ඔයා කරගෙන දැන් අන්තිමට ඔයා නැති උනොත් මම මැරිලා යයි..ම..මම තමයි වැරදි ඒත් මාව දාලානම් යන්න එපා මගේ පවුල..මගේ ආදරේ...මගේ හැමදේම ඔයා!.."

ටේ අඩ අඩ පිස්සුවෙන් වගේ ජන්කුක්ව තුරුල් කරගෙන සිපගත්තේ දිගටම සමාව ඉල්ලන ගමන්...

ජන්කුක් කලේ ඒ සිනිදු කම්මුල් රතු වෙනකන්ම බිම බලාගෙන අඩපු එක...ජන්කුක් ටේට ගොඩක් ආදරේ කරනවා..ටේත් එයාට පනටත් වඩා ආදරේ කරනවා කියලා ජන්කුක් හොදටම දන්නවා..ඒත් ටේට එයාගේ හැගීම් තේරුම් ගන්න බැරිවෙද්දි ජන්කුක්ට කියාගන්න බැරි තරම් වේදනාවක් දැනුනා.

අවුරුදු ගානකට කලින් යොන්ගෙ අතේ තිබුන ඒ කඩදාසිය ජන්කුක්ට ලැබුනේ ටේගේ අල්මාරියේ තිබිලා..රෑ අහස දිහා බලන් ඉන්න ජන්කුක් ලගට ටේ හෙමීට ලංවුනා.

"මෙ..මේක...යොන් ඔයා එක්කවත් කවදාවත් මේ ගැන කතා කරලා නැද්ද කුකී.."

ජන්කුක් නෑ කියලා ඇස් වල කදුලු පුරවන් බිම බලාගත්තා..

"අනේ කුකී...එයා හැමදේම දැනගත්තේ ගොඩක් පරක්කු වෙලා..එයාට කරන්න කිසිම දෙයක් ඉතුරු වුනේ නෑ මැණික..අනික කැන්සර් එකක් කියන්නෙ අපි හිතන තරන් ලේසියෙන් නැති කරලා දාන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ...බෙහෙත් කරත් ජීවත් වෙන කාලේ මාස දෙක තුනක් වැඩිවෙනවා විතරයි...එයාට ඕන උනේ නැහැ එහෙම දුක් විදලා ඔයාලට රිද්දන්න...අනික කුකී..ඔයා දන්නවා යොන් ගැන..එයා මොනතරන් ලස්සන කෙනෙක්ද..ඒ නිසා එයාට සමහරවිට අන්තිම මොහොත වෙනකන්ම වෙනස් නොවී ඉන්න ඕන කරන්න ඇති..ඉතිං එයා දුක් විදින්නැතුව යන්න ගියා..දුක් වෙන්න එපා..මගේ කුකීට මං ඉන්නවනේ.."

ටේ ගොඩක් ආදරෙන් ජන්කුක්ගේ මුහුන තමන්ගේ අත් අතරට ගත්තා.

"එයා කොහේ හිටියත් මගේ කුකී දිහා බලාගෙන ඇති...ඒ නිසා දැන් අඩන්න එපා...එයා අපි දෙන්නත් එක්කම තරහ වෙයි.."

හැමදේම හිනාවෙලා කිව්වත් ටේගේ හිත ඒ දේවල් වලට ගොඩක් රිදුනා..ජන්කුක් වෙන කෙනෙක්ට ආදරේ කලා නේද...ඇත්තටම ඒක එහෙමද??...ඒ හැගීම වෙනස් තමයි..ඒ දේවල් මතක් වෙද්දි ටේට දැනුනේ ලොකු වේදනාවක්...ඒත් තවත් ජන්කුක්ගේ හිත රිද්දන්න ටේට ඕන වුනේ නැහැ...අතීතය මොනවගේ වුනත් ටේට දැනෙනවා එයා තමයි එයාගේ කුකීගේ පලවෙනි ආදරේ කියලා..ටේ හොදටම දන්නවා මේ වෙද්දි ජන්කුක්ගේ හදවතේ ඉන්නේ තමන් විතරමයි කියලා...ජන්කුක්ගේ ඇස් වලින් ඒ ආදරේ ටේ හොදටම දැක්කා...ඒ වගේම ටේට ඒක හොදටම දැනුනා.

Love is mutual || TK [ Completed ✔]Where stories live. Discover now