"ඔයාට ඕන දෙයක් කරගන්න..මම යනවා.."
සෙමී ජන්කුක්ව සනසන්න ඔහු ලගට ගියේ ඇත්තටම ජන්කුක් ගැන ඇයට ගොඩක් දුක හිතුන නිසා...
"ජන්කුක් අහන්නකෝ...ඔයා සතුටු වෙන්න යොන් එහෙම කරපු එකට...එයා නරක කෙනෙක් නෙමෙයි කියලා ඔයා දන්නවනේ..."
සෙමී ජන්කුක්ගේ කදුලු පිහදානගමන් ආදරෙන් කිව්වා..ජන්කුක් ඇයට එකග වුනේ ඇත්තටම යොන් නරක කෙනෙක් නොවන බව ජන්කුක් හොදටම දන්න නිසා...ඒත් ඔහුගේ වැඩ නිසා ඇත්තටම ජන්කුක්ගේ හිත ගොඩක් රිදුනා..
"ඔහොම ටිකක් ඉන්නවද...ඔයා නේද දැන් ජන්කුක් ලග හිටියේ??.."
"ඔව් මම තමයි...ඔයා??.."
"මම ටේහියුන්...ඔයා සෙමී නේද??"
"ඔව් ඔයා මාව දන්නවද??.."
"ඔයාව නොදන්න කෙනෙක් නැහැනෙ...ඔයා ලස්සන නිසා ප්‍රසිද්ධයි..මම මෙහෙට අලුත්...ඒත් ඔයාව අදුරගත්තා.."
"අහ්..ඔයා නේද අලුතෙන් ආවේ..ඉතිං මගෙන් මොනවහරි ඔයාට දැනගන්න.."
"සමාවෙන්න කරදරයක් කලානම්...ඒත් ජන්කුක් දැන් ඇඩුවෙ ඇයි??...එයාට ප්‍රශ්නයක්ද??.."
සෙමී ටිකක් බැරෑරුම් ස්වභාවයකින් ටේහියුන් දිහා බැලුවා.
ඇයට එය පිලිතුරක් නැති ගැටලුවක් වුනා...නාදුනන පිරිමි ලමයෙක්...ජන්කුක් ගැන හොයලා බලන හේතුව ඇයට දැනගන්න අවශ්‍ය වුනත් ටේහියුන්ව අපහසුතාවයට පත් කරන්න ඇයට ඕන වුනේ නැහැ..."ඔයා ජන්කුක් ගැන හොයන්නෙ ඇයි??.."
"මට ඒක කියන්න තේරෙන් නැහැ..ඒත් මං එයා ගැන උනන්දු වෙනවා කියලා දැනෙනවා.."
"එහෙමද...එතකොට ඔයා මොනවද එයා ගැන දන්නෙ??"
"මම තාම ජන්කුක් ගැන මුකුත් දන්නෙ නැහැ ඇත්තටම...ඔයාට පුලුවන්ද මට..."
"හොදයි...ජන්කුක්ට කතා කරන්න බැහැ...ඔයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි නේද??.."
ටේහියුන් එකපාරම පුදුමෙන් ඇය දිහා බැලුවා...ඔහු සෙමී දිහා බලන් හිටියේ නිහඩවමයි..
"අපි වෙන දවසක මුනගැහෙමු ටේහියුන්.."
"නැහැ ඉන්න...ඔව් මට ඒක කොහෙත්ම ප්‍රශ්නයක් නෙමෙයි.."
"ඔයාට විශ්වාසද??...ඔයාට ජන්කුක්ව ඔය තරම් වැදගත්ද ටේහියුන්??..."
ටේහියුන් ඇයගේ ප්‍රශ්නයත් එක්ක ටිකක් නොසන්සුන් වුනත් එය පිටට නොපෙන්වා ඉන්න උත්සහ කලා...
මට ඇත්තටම ජන්කුක්ව කොච්චර දුරට වැදගත්ද??..