"ජන්කුක්..හැමදේම සිද්ද වෙන්නෙ අපේ දෛවයට අනුව..මම දන්නවා ඔයාට ගොඩක් දුකයි කියලා...ඒත් ඔයාගේ කදුලු දකින්න එයා කැමති නැහැ කියලනම් මට විශ්වාසයි...ඔයා තනිවෙලා නෑ ජන්කුක්...මං ඔයාගේ ලගින්ම ඉන්නවා...අඩන්න එපා"
ටේහියුන් ආදරෙන් ජන්කුක්ගේ ඔලුව අතගෑවා..මොකක්හරි හේතුවක් නිසා ජන්කුක්ට ඒ උනුහුමේ ඉන්නකොට ලොකු සැනසීමක් දැනුනා.
කාලය ගෙවිලා ගියා...ටේහියුන්ගේ හදවතේ හැම හැගීමක්ම ජන්කුක් වෙනුවෙන්ම විතරක් වුනා..ඒත් ඔහු කවදාවත් ජන්කුක් ඉස්සරහ තමන්ගේ හැගීම් පෙන්නුවෙ නැහැ.
"ටේ.."
"සෙමී..ඔයා අද පරක්කුයි"
"ආහ් ඉතිං...මේ ටේ ඒක නෙමෙයි...තව ටික දවසයි අපි මෙහෙම ඉන්නෙ...ජන්කුක්ට හැමදේම කියන්න"
"මට...අනේ මන්ද සෙමී..ඒ ගැන හිතනකොට මම කලබල වෙනවා.."
"ඔයාට කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ ටේ...ඔයාට තරම් වෙන කිසිම කෙනෙක්ට ජන්කුක් ගැන අයිතියකුත් නැහැ...මෙච්චර කාලයක් ඔයයි එයාව බලාගත්තේ...ඔයා මොනවද එයා වෙනුවෙන් නොකලේ...ඉතිං"
"මං එයාට ආදරෙයි සෙමී..ඒත් ජන්කුක්ගේ හදවතට මාව දැනෙන්න ඕන...මට එයාට රිද්දන්න ඕන නෑ මේ දේවල් බලෙන් කියලා.."
ටේහියුන් නිහතමානීව සෙමී එක්ක හිනාවුනා..ඇය එතනින් යන්න ගියේ ටේහියුන්ව තේරුම් ගන්න බැරුවයි.
තවත් දවසින් දවස ගෙවිලා ගියත් ටේහියුන්ගේ හදවතේ ඉතුරු වුනේ වේදනාවක් විතරයි.."ජන්කුක්...අද අපි මුනගැහෙන අන්තිම දවස..කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න ඕන..කුකී..ඒ වගේම ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕන...අදින් පස්සෙ මම නැතිවුනත්..තේරුනාද ඔයාට..පොරොන්දු වෙනවද මට??..හ්ම්ම් හරි දැන් ගෙදර යන්න..පරිස්සමෙන් ඉන්න කුකී..මට ඔයාට කියන්න දෙයක් හිතාගන්න බැහැ ඒත් පරිස්සමෙන...කවදාහරි දවසක අපි ආයෙත් මුනගැහෙමු.."
ටේහියුන් ආදරෙන් ජන්කුක්ව වැලදගෙන යන්න හදද්දිම ඒ චූටි අත් වලින් ටේහියුන්ව තදින් පිටිපස්සෙන් බදාගත්තේ ඔහුව නොසන්සුන් වෙද්දි..ඒත් ටේහියුන් ඒ හැගීම් ජන්කුක්ට නොපෙන්වා ඉන්න දක්ශ වුනා..
"ජ..ජන්කුක්??..ඇයි මේ..ඔයාට තනියම යන්න පාලුයිද??..මම"
ටේහියුන්ට දැනුනේ ඔහුගේ උරහිස තෙත් වෙන බවක්...ඒ එක්කම ඇහුන පුංචි පුංචි ඉකිගැසීමත් එක්ක ටේහියුන් කලබල වුනා..