ජන්කුක්ව තමන්ගේ අත් අතරට ගත්ත ටේ හෙමීට ජන්කුක්ව ඇද උඩින් තිබ්බේ මල් පෙත්තකටත් වඩා පරිස්සමෙන්..
"මගේම වෙනවද කුකී??"
ටේ සරාගී හිනාවකින් ජන්කුක්ගෙ කනට කොදුරද්දි ජන්කුක් ටේගේ බෙල්ල අස්සේ මූන හංග ගත්තේ ලැජ්ජාවෙන් රතු වෙලා..
ආදරණීය සිපගැනීම් වගේම කාමරය පුරා ඇසුන ජන්කුක්ගේ කෙදිරිලි මැද ආදරෙන් ගත්වුන ඒ පැය කිහිපයෙදි ජන්කුක් ටේහියුන්ගෙම වුනා..
අවුල් වුන කොන්ඩෙ අතරින් බේරෙන දාඩිය වගේම ඇස් වලින් බේරුන කදුලු පාරවල් අතරින් තාමත් වේගෙන් හුස්ම ගන්න ජන්කුක්ව ටේ පපුවට තුරුල් කරගත්තේ ගොඩක් ආදරෙන්...
"කුකී...මං ආදරෙයි..දන්නවද ඔයා ගෑනු ලමයෙක් වගේ..ගෑනු ලමයෙක් නිතරම පිරිමි ලමයෙක්‍ර වඩා ලස්සනයි කුකී..ඒත් මට ඔයාගේ ලස්සන තාම වෙන කාගෙන්වත් දකින්න බැරිවුනා..මගේ කුකී..හිතාගන්න බැරි තරම් ලස්සනයි"
ටේ ජන්කුක්ගේ නලලට ආදරණීය හාදුවක් දුන්නේ ජන්කුක් තවත් ලැජ්ජාවෙන් ටේගේ උනුහුමට ගුලිවෙද්දි.."
"රිදුනද මගේ මැණිකට.."
ටේ ගොඩක් ආදරෙන් ජන්කුගේ ඔලුව අතගෑවේ ඔහු ජන්කුක්ට ගොඩක් රිද්දුවද කියලා හිතන ගමන්..
ඒත් ඒ වෙනකොටත් හා පැටියෙක් වගේ පපුවට තුරුල් වෙලා හොදටම නිදාගෙන ඉන්න ජන්කුක්ව දැක්කම ටේගේ මුහුනේ ඇදුනේ ලස්සන හිනාවක්..බෙඩ්ශීට් එකත් ඇගේ පටලවගෙන නැගිටින්න හදන ජන්කුක් දිහා ටේ හිනාවෙවීම බලන් හිටියේ ජන්කුක් ශීට් එකත් එක්කම ආයිත් ඇදට වැටෙද්දි...
"ඔය ඉතිං...මෙන්න මෙහෙ එනවා...තනියෙන් යන්න පුලුවන් වගේ නැගිටින්න හැදුවේ.."
ටේ හිනාවෙවීම ජන්කුක්ව එයාම වොශ් කරලා ඇද උඩින් ගෙනත් තිබ්බේ ගොඩක් ආදරෙන්..ජන්කුක්නම් මේ වෙද්දි හොදටම ලැජ්ජාවෙන් රතු වෙලා හිටියේ..
"හුහ් අනේ මෙන්න වැඩක්...එක්කෙනෙක් රතු වෙලා..ඊයේ රෑ නම් ඔය ලැජ්ජාවල් මුකුත් නෑ..හරියට.."
ටේට තවත් මුකුත් කියන්න වුනේ නෑ...ජන්කුක් ලග තිබුන කොට්ටෙකින් ටේට දමලා ගැහුවා..