Chapter 04

1.2K 319 4
                                    

ජන්කුක් හිම උඩ ඇවිදන් ගියේ ගොඩක් ආසාවෙන් කුඩා දරුවෙක් වගේ..කලබලකාරී වටපිටාව නිසාම තවත් කෙනෙක් ඔහුට ලංවෙන බවක් ජන්කුක්ට දැනුනෙවත් නැති තරම්...

"හායී...මමත් යන්නෙ මේ පාරෙමයි...ඔයත් එක්ක ආවට කමක් නැහැනෙ??..."

ජන්කුක් මිල්ක්ශේක් එක දුන්න ලස්සන පිරිමි ලමයා නැවතත් ගොඩක් සුහදව ජන්කුක් එක්ක කතා කරන්න ගත්තා..ජන්කුක් ඔහුත් සමග ලස්සනට හිනාවෙලා ඔහු දිහා බලන් හිටියේ පිරිමි ලමයා එයත් එක්ක එන එක ප්‍රශ්නයක් නොවෙන බව හගවන්න..

"මම ටේහියුන්...ඔයා??.."

ජන්කුක් නැවතත් ඔහු සමග හිනාවුනා විතරයි..ටේහියුන්ට දැනුනේ ජන්කුක් ඔහුත් සමග කතා කරන්න බය වුන බවක්...

"ඔහ් සමාවෙන්න..මම අනවශ්‍ය දෙයක් ඇහුවනම්..කලබල වෙන්න එපා.."

ටික දුරක් යනකන්ම ඔවුන් දෙදෙනාම අතර පැවතුනේ නිහැඩියාවක්...ජන්කුක්ගේ දිලිසෙන දෑස් දිහා කෙලින් බලන වාරයක් ගානේ ටේහියුන්ගේ හදවත වේගෙන් ගැහෙන බව ටේහියුන්ට හොදටම දැනුනා.

ආයිත් මුනගැහෙමු..ගිහින් එන්නම්.."

ටේහියුන් සිහින් හඩකින් කිව්වා..
තොල් අතර රැදුන සුන්දර සිනහවකින් ජන්කුක් ටේහියුන්ගෙන් සමු ගත්තා.

"යොන් ඔයා ආවද??ජන්කුක් කොහෙද??"

"මම කොහොමද දන්නෙ??..එයා ගැන මගෙන් අහන්න එපා..අනික ඔයාට මං එක්ක කතා කරන්න තියෙන්නෙ ජන්කුක් ගැන විතරද??"

යොන් ඔහුගේ මවගෙන් තදින් ඇහුවත් ඔහුටත් නොදැනිම ඔහුගේ කටහඩ වෙව්ලන්න ගත්තා.

"හ්ම්ම් හරි...මට ඔයා ගැන කතා කරන්න ඕන...ජන්කුක් ගැන නෙමෙයි..ඇවිත් මෙතනින් වාඩිවෙන්න.."

ඔහු නිහඩවම තම මව ලගින් වාඩිවෙලා ඇයගේ මූන දිහා නොබල මගහැරියා.

"මට කියන්න පුතේ...මොකද්ද ප්‍රශ්නේ??..මම ඔයාගෙ අම්මා..මේ ඉන්නේ මගේ යොන් නෙමෙයි...මගේ යොන්ට ලස්සන හදවතක් තිබුනා...හැමෝම ආදරේ කරපු නිහතමානී කෙනෙක් ඔයා...ඔයා ඔහොම කෙනෙක් නෙමෙයි...තවත් මගේ හිත රිද්දන්නැතුව ඇත්ත කියන්න මට.."

"මට.."

ඔවුන් දෙදෙනාගෙම අවධානය එකවරම ගියේ බිදුන මල් පෝච්චියක කෑලි එකතුකරන ගමන් ඉන්න ජන්කුක්ට...

"ජන්කුක් පරිස්සමෙන් දරුවෝ..."

යොන් නිහඩවම එතනින් නැගිටලා යන දිහා ජන්කුක් බලන් හිටියා..

Love is mutual || TK [ Completed ✔]Where stories live. Discover now