"ටේහියුන්...ජන්කුක්??"
"සෙමී..ඔයා තවම ගියේ නැද්ද??"
"ටේ..ඇයි මේ ජන්කුක් අඩන්නේ??"
ටේහියුන්ගේ ප්රශ්නෙ මගඇරලා සෙමී තවත් ප්රශ්නයක් ඇහුවේ ඇයගේ මුහුනේ තිබුන බැරෑරුම් බව නිසා ටේහියුන් අසරණ වෙද්දි..
"ම..මං මුකුත් කලේ නෑ..පරිස්සමෙන් ගෙදර යන්න කියලා මම.."
"ටේ මෙහාට එන්න.."
ජන්කුක් තාමත් බිම බලාගෙන හොදටම අඩනවා..අහම්බෙන් එතෙන්ට ආව සෙමී ටේහියුන්ගේ අතින් ඇදන් ජන්කුක්ගෙන් ටිකක් ඈතට ගියා.
"ටේ ඔයාට ජන්කුක්ගේ හැගීම් තේරෙන්නෙ නැද්ද??..ඇයි මේ වගේ බය වෙන්නෙ??එයත් ඔයාට ආදරේ කරනවනම්.."
සෙමී හරිම සැහැල්ලුවෙන් කිව්වත් ටේහියුන් ගොඩක් නොසන්සුන් වුනා..
"නැහැ නැහැ සෙමී..මම හිතන් නෑ...එයාට තාම මුකුත් හරියට තේරෙන්නෙත් නෑ...ඒක වෙන්න බැරි දෙයක්..."
"වෙන්න බැරි දේවල් තමයි වෙන්නෙ ටේ...දැන් ජන්කුක්ට වයස කීයද??නොතේරෙන්න එයා පොඩි ලමයෙක් නෙමෙයිනෙ ටේ..එයා යොන්ගේ ආදරේ තේරුම් ගත්තා..යොන් කොච්චර එයාගෙන් ඈත් වෙන්න උත්සහ කලත් එයා ඒ හැමදේම තේරුම් ගත්තා...එතකොට මම...මම යොන්ට ආදරේ කලා...තව...යොන් අන්තිමට අපිව දාලා ගියා..මේ එකක්වත් වෙන්න පුලුවන් දේවල් නෙමෙයි ටේහියුන්...ඒත් ඒවා එහෙම වුනා...හොදට හිතලා බලන්න..මම ගිහින් එන්නම්.."
ටේහියුන්ව ප්රශ්න ගොඩක අතරමං වුනා..
ඇත්තටම ජන්කුක් මට ආදරෙයිද??..ඒත් එහෙම නෙමෙයිනම්...එයාගේ හිත රිදෙයිද...මං මොකද කරන්නෙ දැන්..මට මුකුත් තේරෙන්නෑ.."
ටේහියුන් තමන්ගේ සිතුවිලි එක්ක හිතින් ලොකු කතාබහක..ඔහු හොදටම හැගීම් වලින් අසරණ වෙලා..
සීතල සුලං පාර නිසා වැටෙන මාපල් ගහේ කොල දිහා ජන්කුක් බලන් හිටියා..ජන්කුක් වසන්ත කාලෙට ගොඩක් ආස කලා..ඔහුගේ තොල් අතර ලස්සන හිනාවක් ඇදුනේ ඉබේටමයි...මේ දිහා වශී වෙලා වගේ ටේහියුන් බලන් හිටියේ ජන්කුක් ඇත්තටම පුංචි සුරදූතයෙක් වගේම පෙනුන නිසා...ඒ දසුන ඇත්තටම ගොඩක් සුන්දර වුනා.
"ජන්කුක්.."
ටේහියුන් ජන්කුක්ගේ අවධානය තමන්ට ගත්තා..එකපාරම ටිකක් කලබල වුන ජන්කුක් අතේ තිබුන පොත බිමට වැටුනා.
"ඔහ් සමාවෙන්න..ඉන්න මං උදව් කරන්නම්.."
පොත ඇතුලේ තිබුන කොල තැනින් තැන විසිවෙලා ගියා...හුලගට ඒවා තවත් ඈතට ගහගෙන යනවා..ටේහියුන්ට තමන් දකින්නේ හීනයක්ද කියලා හිතාගන්න බැරිවුනා...ජන්කුක්ගේ සිනිදු කම්මුල් රතු වෙලා චූටි කදුලු බිංදු එකින් එක හෙමීට කඩාගෙන වැටෙන දිහා ටේහියුන් බලන් හිටියේ වේදනාවෙන් පිරුන අසරණ හැගීමකින්..