"ජන්කුක්..මං ඔයාට රිද්දනවා...ඔයාට දැනෙනවා නේද??...ඉතිං ඇයි මට ලංවෙන්නෙ??...ඇහෙනවද ඔයාට...මගෙන් ඈත් වෙන්න ජන්කුක්.."
ඔහුට කදුලු නවත්තගන්න ඕන වුනේ නැහැ...නිදහසේ තමන්ගේ වේදනාව ජන්කුක්ගේ උරහිස උඩ ඉදන්ම පිටවෙන්න ඉඩ හැරියා.
"මට සමාවෙන්න...ඔයා වෙනුවෙන් මට මුකුත් කරන්න බැරිඋනා...මුකුත්ම..මං එක්ක තරහ වෙන්න එපා ජන්කුක්.."
හේතුවක් නොදැන වුනත් යොන්ගේ වචන ජන්කුක්ගේ හිත ගොඩක් රිද්දුවා..ඒ වේදනාවත් සමග පිටවෙන කදුලු නිසා ජන්කුක්ගේ හදවතට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක්..
දින තුනකට පසු රාත්‍රියේ ඇසුන ඒ භයානක හඩ ජන්කුක්ගේ මුලු හදවතම අදුරින් පිරෙව්වා..
ඔහුට දැනුනේ හුස්ම හිරවීගෙන යන බවක්...මැදි වයසැති කාන්තාවගේ දෑස් වලින් පාලනයක් නැතුව කදුලු ගලන්නේ ඇය අවසිහියෙන් මෙන් දොරකඩ බිම වැටී සිටියදිමයි..
"එයා දුක් විදලා..මගේ දරුවා මේ හැමදේම තනියම දරාගත්තෙ කොහොමද??...මට එයාට හොද අම්මා කෙනෙක් වෙන්න බැරිවුනා...මට එයාව තේරුම් ගන්න බැරිවුනා.."
කෑගසමින් අඩන කාන්තාව ලගට ගිය ජන්කුක් ඇයට තුරුල් වුනේ තවත් ඔහුට දැනෙන වේදනාව දරාගන්න බැරි වුන නිසා..
"එයා හිතන්න ඇති සමහරවිට අපිට වේදනාව අඩු වෙයි කියලා නේද ජන්කුක්??...එයා අපි ගැන විතරයි හිතලා තියෙන්නෙ??..හැමදාම වගේ...එයාට...එයාට තිබුනා අපිට කියන්න...එයාට එකපාරක් අපිට කියන්න තිබුනා.."
කාන්තාව ජන්කුක්වත් තුරුලට ගෙන ඇයගේ වේදනාව පිටකලේ තවත් අඩන්නවත් කදුලු නැති වෙන තරමටයි...
කාමරයේ වීදුරු ජනේලය ලග ගුලිවී ඉන්න ජන්කුක්ට ඔහුගේ කදුලු නවත්තගන්න අවශ්‍ය වුනේ නැහැ...ජන්කුක් තවත් ඇඩුවා...තවත් ඔහුට හැමදාම උදේට දොරකඩ ලග හිම මත තියෙන ලස්සන රෝස මල දකින්න නොලැබුනා...මොනතරම් තරහක් පෙන්නන්න උත්සහ කලත් ආදරෙන් පිරුන ඒ දෑස් නැවත කවදාවත් ඔහුට හොයාගන්න බැරිවුනා..