Chapter 14

994 265 2
                                    

"කුකී..මං ආදරෙයි"

ටේගේ වචනත් එක්ක ජන්කුක් හොදටම රතුවුනා..ලැජ්ජාවෙන් බිම බලාගත්ත ජන්කුක්ව ටේ එක අතක් ඉනවටේ යවලා තදින් තුරුල් කරගත්තා..ජන්කුක් ඒ උනුහුමට ගුලිවෙලා හිටියේ තමන්ට මේ ලෝකේ තියෙන ආරක්ෂිතම තැන එතන බව දැනෙද්දි..ටේ ජන්කුක් ගැන ආදරෙන් හොයලා බලනවා වගේම ටේ ගැනත් දැනගන්න එයාට ගොඩක් කල් ඉදලම ඕන වුනා..

"කුකී...මට ඉන්නේ මගේ අම්මා විතරයි..ඒත් එයා ඉන්නෙ අසනීපෙන්...දන්නෙ නෑ තව කොච්චර කාලයක් එයා මං ලග ඉදිවිද කියලා...ම..මං තනිවෙන්න බයයි.."

ටේගෙ ඇස් වලින් නොදැනුවත්වම කඩා හලෙන කදුලු නිසා ජන්කුක්ගේ හිත ගොඩක් රිදුනා...ගොඩක් ආදරෙන් ටේව තුරුල් කරගෙන හෙමීට ඔලුව අතගෑවේ ටේ ඇස් පියාගෙනම ඒ ආදරේ විද ගනිද්දි...

"මගේ ජන්කුක්ව ආදරෙන් බලාගන්න ඔයාට පුලුවන්ද??...මමත් මෙහෙම ඉදලා මැරිලා යයි..මට බය ජන්කුක් ගැන විතරයි.."

"එහෙම කියන්න එපා...මට කනගාටුයි යොන් ගැන...එයාට තිබුනේ ආදරණීය හදවතක්..මම කුකීට ගොඩක් ආදරෙයි..ඒක මට පැහැදිලි කරන්න තේරෙන් නෑ..මට පුලුවන් ජීවිත කාලෙම එයාව බලාගන්න..මට ඒක විශ්වාසයි"

යොන්ගෙ මව සමග ටේහියුන් කතා කලේ ගොඩක් නිහතමානීව...ඒ වගේම ඇයගේ ඇස් වල පිරිලා තියෙන වේදනාවත් ටේහියුන්ට හොදින්ම තේරුනා..

"මට ගොඩක් සතුටුයි දරුවෝ...ජන්කුක් කියන්නේ ගොඩක් සංවේදී දරුවෙක්..එයාට කතා කරන්න බැරි වුනාට අපිටත් වඩා හැමදේම හොදට තේරෙනවා...ඔය ලමයට මොකක්හරි ජොබ් එකක් ලැබෙන්න ඇති නේද??...ඒ උනත් ජන්කුක්ව නිකන්ම දෙන්න මට ඕන නෑ...මේ හැමදේම.."

"නැහැ නැහැ...මට මගේ කුකී විතරක් හිටියම හොදටම ඇති...මම වෙන කිසිම දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ...යොන් ගොඩක් ආස කරපු දෙයක් තිබුනා..මේ හැමදේම යොන් වෙනුවෙන් ඔයාට පුලුවන් අසරණ දරුවො වෙනුවෙන් අනාත නිවාසවලට දෙන්න...යොන් වුනත් කැමති වෙයි මේ දේවල් වලට..මොකද එයා මං එක්ක දවස් ගානක් එහෙම දේවල් කිව්වා කියලා මට මතකයි..ඇත්තටම මට පුලුවන් මගේ කුකීව ආදරෙන් බලාගන්න.."

ටේහියුන්ට තිබුනේ ඕනම කෙනෙක් වශීවෙන පෙනුමක්...දවසින් දවස හැම කෙනෙක්ගෙන්ම ඔහුට ලැබෙන අවධානය වැඩිවුනත්...මොනතරම් වෙනස් චරිත ජිවීතේ එක එක තැන් වලදි ඇසුරු කලත් ඒ හැමදේමටම සීමාවකට විතරක් තමන්ගේ ජීවිතේට අදාල කරගන්න ටේහියුන් දක්ශ වුනා..ඔහුගේ එකම පවුල..පලවෙනි ආදරය..ඒ කියන්නෙ තමන්ගේ පුංචි කුකීගෙන් තොර ලෝකයක් ඔහුට තිබුනෙ නැති තරම්...

"යොන් පොඩි දරුවොන්ට ගොඩක් කැමතී ඉස්සර ඉදන්ම..අසාමාන්‍ය විදියට ආදරෙයි..ජන්කුක් වාසනාවන්තයි...ඒ වගේම හරිම අහිංසකයි...පුලුවන් තරම් ආදරෙන් එයාව බලාගන්න..මේක අම්මා කෙනෙක්ගේ ඉල්ලීමක්"

ඇය ටේහියුන්ගේ දෑත් තදින් අල්ලගෙන ආදරෙන් ඉල්ලුවා... ටේහියුන් ලස්සනට හිනාවෙලා නිහතමානීව ඇයට එකග වුනා.

Love is mutual || TK [ Completed ✔]Where stories live. Discover now